Prevent of Breast Cancer – පියයුරු පිළිකාව..ඔබේ ජීවිතය රඳා ඇත්තේ ඔබේ දෑතේය.

ස්වයං පියයුරු පරීක්ෂාව කරන්නේ කොහොමද?

කැඩපතක් ඉදිරියේ අත් දෙක දෙපස තබාගෙන ඉන්පසු අත් දෙක හිසට උඩින් ඔසවාගෙන හා අත් දෙක ඉඟමත තබාගෙන පියයුරුවල පහත
සදහන් වෙනසක් ඇතිදැයි බලන්න.

පියයුරුවල ගැසීමක්
පියයුරේ හැඩයේ වෙනසක්
දොඩමි ලෙල්ලක මෙන්  වෙනස් වීමක්
තන පුඩුව වෙනසක්

නාන විටදී පියයුරුවල ගැටයක් හෝ සමට යටින් ඝනවීමක් හෝ ඇතිදැයි පරීක්ෂා කරන්න.
අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවලින් පියයුරු පිරිමදිමින් ගැට හෝ සමට යටින් ඝනවීමක් හෝ ඇතිදැයි පරීක්ෂා කරන්න. වම් අත දකුණු
පියයුරත්, දකුණු අත වම් පියයුරත් පරීක්ෂා කිරීමට භාවිතා කරන්න.
රූප සටහනේ  දක්වා ඇති ආකාරයට පියයුරේ පිට පැත්තේ පිට තන පුඩුව දක්වා ක්‍රමානුකූලව අත තදකරමින් පරීක්ෂා කර
බලන්න. ඉන්පසුව කිහිල්ල ද වසා ගැටිතිවල යම් ඉදිමීමක් ඇතිදැයි බලන්න.
අවසානයේදී මහපට ඇඟිල්්ල හා දබරැඟිල්ලෙන් තන පුඩුව සෙමෙන් මිරිකා ලේ හෝ දියරයක් පිටවේදැයි බලන්න.
නාන විටදී මෙන්ම ඇඳක නිදාගෙන ද පියයුරු පරීක්ෂා කළ හැක. පළමුව උඩුබැලි අතට නිදාගන්න. ඉන්පසු දකුණු උරහිසට
යටින් කොට්ටයක් තබා දකුණු අල්ල මත හිස තබා ගන්න. ඉහත දැක්වූ ආකාරයට තම වම් අතින් දකුණු පියයුරු පරීක්ෂා කරන්න.
දැන් කොට්ටය වම් උරහිස යටින තබා වම් අල්ල මත අල්ල මත හිස තබාගෙන දකුණු අතින් වම් පියයුරු පරීක්ෂා කරන්න.
සැ. යු. ම – සෑම මසකම වරක්, මාස් ශ=ද්ධියෙන් සතියකට පසු ද, මාස් ශ=ද්ධිය නතර වූ අය මාසයේ කිසියම් නියමිත දිනයක ද තම පියයුරු
පරීක්ෂා කළ යුතුය. ඉහත දැක්වූ කිසියම් වෙනසක් පියයුරේ ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවන්න. හැම වෙනසක්ම පිළිකාවක් නොවේ.
කෙසේ වෙතත් මේ වෙනස තිබේ නම් ඔබ වහාම වෛද්‍යවරයකු වෙත පැමිණිය යුතුය. තීරණය වෛද්‍යවරයා සතුය.

මවකගේ වටිනාකම

පියයුරු පිළිකාවකින් අපට අහිමි වන්නේ අපගේම අම්මා, සහෝදරිය නැත්නම් බිරිඳ විය හැකිය. පවුලකට අම්මා නැතිවීම මිල කළ
නොහැකි අඩුවකි. පිළිකා රෝගියෙක් නිවසේ සිටීමේදීත් පවුලේ ආර්ථීකය, සෞඛ්‍ය වැනි දේට විශාල බලපෑමක් කරයි. තමාට පිළිකාවක්
ඇත්දැයි අනුන්ට සොයන්නට බැරිය. එය කළ හැක්කේ තමාටය. එබැවින් සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාව කෙරේ උනන්දු විය යුතුය.
පිළිකා අනතුරු ඇඟවීම
1.    කල් අල්ලා පවතින කැස්ස හෝ කටහඩ වෙනස්වීමක්
2.    සුව නොවන තුවාලයක්
3.    ගැටයක, ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස්වීමක් හෝ සීග්‍ර වර්ධනයක්
4.    යෝනි මාර්ගයේ අක්‍රමවත් ලේ හෝ ස්‍රාව වහනයක්
5.    මළ මුත්‍රා පහ කිරීමේ පුුරුදුවල වෙනසක් හෝ මල සමඟ ලේ පහවීමක්
6.    කල් අල්ලා පවතින අජීර්ණ තත්වයක් හෝ ගිලීමේ අපහසුවක්
ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවන්න.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *