Sexual Harassment – නීතිය ඉදිරියේදී ලිංගික පීඩනයකට පත් වූ යුවතියකට වැඩි සැලකිල්ලක් දක්වනවාද …..

නීතියයි ඇයයි……. නීතිය ඉදිරියේදී ලිංගික පීඩනයකට පත් වූ යුවතියකට වැඩි සැලකිල්ලක්  දක්වනවාද …..

බලහත්කාරකමක් හා ස්ත්‍රී දූෂණයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද …? නීතිය ඉදිරියේදී ලිංගික පීඩනයකට පත් වූ යුවතියකට වැඩි සැලකිල්ලක් දක්වනවාද…? ඒ සම්බන්ධයෙන් ඇය
නීතියේ සරණ පැතිය යුත්තේ කෙසේද …? කිසියම් ස්ත්‍රීරයක් යම් පුද්ගලයෙකු අතින් ලිංගික පීඩාවකට හෝ
ලිංගික අතවරයකට පත්වූයේ නම් එය දණ්ඩ නීති සංග්‍රහයේ විග්‍රහ කරන ආකාරයට ඉතාමත් බරපතල
වැරැද්දක් ලෙස ගැනෙනවා. එම නිසා එම සිද්ධියට අදාල පුද්ගලයාට එරෙහිව එම දූෂණයට හෝ
අතවරයට පත්වූ කාන්තාවට නීතිය ඉදිරියට යාමට පැහැදිලි ලෙස අවකාශ තියෙනවා. මෙය කාන්තාවක්
සතු පැහැදිලි අයිතිවාසිකමක්.
එය කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට. යම් කාන්තාවක් පුද්ගලයෙකු අතින් අතවරයකට පත්වු අවස්ථාවකදී
ඒ සැනින්ම වාගේ ඇයට හැකි ඉක්මනින් අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් මුලින්ම පැමිණිල්ලක්
දාන්න ඕනේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම අතවරය සිදු වූ සැනින්ම පැමිණිලි කිරීම සාක්ෂිමය වශයෙන්
ඉතාමත් වැදගත් වන අතර එම දූෂණයට ලක්වු කාන්තාව එම මොහොතේදීම වෛද්‍යවරයෙක් වෙත යොමු
කිරීමටද අවස්ථාව ලැඛෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රී දූෂණ නඩුවක් ඔප්පු කිරීමේදී ඇයගේ වෛද්‍ය වාර්තාව
ඉතාමත් හොඳ සාධකයක් වෙනවා. මෙන්න මේ කාරණා සමගින් තමයි ඇය නීතිය ඉදිරියට යා යුත්තේ.

නීතියේදී බලහත්කාර කම සහ ස්ත්‍රී දූෂණයක් ලෙස අදහස් කරන්නේ කුමක්ද…?
ස්තී්‍ දූෂණයක් නැතහොත් බලහත්කාරකමක් සරලව විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙමයි. ස්ත්‍රීරයකගේ කිසිම
කැමැත්තක් නොමැතිව ඇයත් සමග ලිංගික අතවරයක් ලෙස හඳුන්වනවා. මෙතනදී කිසියම් ස්ත්‍රීරයක් රැවටීම
මගින් හෝ ඇයව පොළඹවා ගැනීම මගින් ඇයත් සමග වංක ලෙස ලිංගිකව එක්වීමත් ස්ත්‍රී දූෂණයක් ලෙස
තමයි නීතියේ සඳහන් වෙන්නේ. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ එන ආකාරයට ලිංගික බලහත්කාරය අපරාධමය
වරදක් ලෙස තමයි පිළිගන්නේ

කිසියම් තැනැත්තියක්ව රැවටීම හෝ පෙළඹවීම මගින් ඇය මුලාවේ දමමින් ඇයත්
සමග ලිංගිකව සංසර්ගයේ
යෙදීම ස්තී්‍ර දුෂණයක් ලෙස නීතිය පැහැදිලි ලෙසම පිළිගන්නවාද…?
ඇත්තෙන්ම ඔව්. දණ්ඩ නීති සංග්‍රහයට අනුව කිසියම් පුද්ගලයෙකු විසින් කිසියම් තැනැත්තියක් පෙළඹවීම
මගින් හෝ ඇයව කුල්මත් කිරීම මගින් ඇයත් සමග ලිංගික සංසර්ගයේයෙදුනි නම් එය අනිවාර්්‍යයෙන්ම ඇගේ අකමැත්ත මත සිදුවූ ලිංගික එක්වීමක් බවත් එය ලිංගික අතවරයක් බවත් නීතියේ පැහැදිලි ලෙසම
පිළිගන්නවා. ඒ වගේම කිසියම් පුරුෂයෙක් යුවතියක්ව මත් බවට පත් කිරීම තුළින් හෝ කුමන ආකාරයකින්
ඇය තමාගේ ස්වාමියා බව අඟවමින් ඇයත් සමග ලිංගිකව එක්වීමත් ඇගේ කැමැත්තට එරෙහිව සිදුවූ
ක්‍රියාවක් බැවින් එයත් ලිංගික අතවරයක් ලෙස නීතිය පිළිගන්නවා..

ආදර සම්බන්ධ තාවයකදී එම තරුණිය තම පෙම්වතා අතින් අතවරයකට
හෝ දූෂණයකට ලක්වීම ස්ත්‍රී දූෂණයක් ලෙස නීතිය ඉදිරියේදී පිළිගන්නවාද…?
ඇත්තෙන්ම මෙය ඉතාමත් වටිනා ප්‍රශ්නයක්. බොහෝ විට වර්තමාන තරුණ පෙම්වතුන් හා පෙම්වතියන්ගේ
ආදර සම්බන්ධතා සීමාව ඉක්මවා යාමේ සහ කායික සම්බන්ධතා දක්වා දීර්ඝ ලෙස යෑවේ අවස්ථා තිඛෙනවා.
මේ තත්වය එහිදී ඇතිවන අතුරු ප්‍රතිපලයක් තමයි.
විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ගැටළුවේදි අදාල පෙම්වතිය බාල වයස් කාරියක් නම් ඒ කියන්නේ
අවුරුදු 18 ට අඩු යුවතියක් නම් ඇයගේ කැමැත්ත  මත තම පෙම්වතා සමග ලිංගිකව එක්වුවත්, ඇයගේ
කැමැත්ත මත ලිංගිකව සංසර්ගයේ යෙදුනත් ඒ දෙකම ස්ත්‍රී දූෂණයක් ලෙස නීතිය විසින් පිළිගනු ලබනවා.
නමුත් දෙදෙනා වයස් පූර්ණ අයනම් (විශේෂයෙන්ම පෙම්වතිය අවුරුදු 18 ට වැඩි නම්) ඇයත් සමග
ලිංගිකව එක්වීම ස්ත්‍රී දූෂණයක් ලෙස සඳහන් කරන්න බැහැ. එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකීමට නම්
එය තමාගේ අකමැත්ත මත ලිංගික සංසර්ගයේ යෙදීමක් බව කාන්තාව විසින් නීතිය ඉදිරියේ ඔප්පු
කළ යුතු වෙනවා. එසේ ඔප්පු කිරීමට ඇයට අවකාශයක් නොලැඛෙන්නේ නම් ඇය ඔහුත් සමග කැමැත්තෙන්ම
ලිංගිකව එක්වී ඇති නිසා එය ස්ත්‍රී දූෂණයක් නොවන බව නීතිය ප්‍රකාශයට පත්කරනු ලබනවා.

කාන්තාවක් නියත වශයෙන්ම දූෂණ තත්වයට පත්වුවායැයි නීතියෙන් සලකන්නේ
ඇගේ කන්‍යා භාවයට හානියක් සිදුවූවොත් පමණක්මද…?
මෙය අපට අංශ කීපයකින් බලන්න පුළුවන්. මෙම ප්‍රශ්නයට සරලව උත්තරයක් දුන්නොත් කන්‍යා භාවය අහිමි
වීම පමණක් ලිංගික දූෂණයක් ඔප්පු කිරීමට සාක්ෂියක් නොවන බව පැහැදිලි ලෙස කියන්න පුළුවන්.
ප්‍රධාන වශයෙන් යුවතියකට (කන්‍යාවකට) කිසියම් තැනැත්තෙකු විසින් අතවරයක් කරන ලද්දේ නම් දණ්ඩ
නීති සංග්‍රහයට අනුව එය කන්‍යා දුෂණයක් හැටියට තමයි පිළිගන්නේ. එතනදී උසාවිය ඉදිරියේදී ඇගේ කන්‍යා
භාවය අහිමිවීම අතවරයේ එක් සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.
නමුත් විවාහක අයෙක් නොමැති නම් කන්‍යාවක් නොවන අයෙක් ඇගේ ස්වාමියා නොවන පුද්ගලයෙක් අතින් දූෂණය වූ අවස්ථාවක ඇගේ කන්‍යා භාවය සාක්කියක් හැටියට ඉදිරිපත් කිරීමට නොහැකි වෙනවා. නමුත්
මෙයත් ස්ත්‍රී දූෂණයක් හැටියට තමයි සැලකෙන්නේ. මෙවැනි අවස්ථාවක ඇයට වැදගත් වෙන්නේ මේ
සම්බන්ධව බලපවත්වන සාක්ෂියි.
ඒ වගේම කන්‍යාවියක් වන යුවතියක් ඇගේ කන්‍යා භාවයට හානියක් නොවන ආකාරයට අතවරයට
පත්විය හැකියි. මෙයත් නීතියේ හැටියට ස්ත්‍රී දූෂණයක්.
මේ නිාස දැන් පැහැදිලි ලෙසම වැටහෙන්න ඇති කන්‍යාභාවය අහිමිවීම සිදුවු පමණකින්ම ස්ත්‍රී දූෂණයක්
ඔප්පු කළ නොහැකි බව.

ආදරය මුවාවෙන් යම් පිරිමි පාර්ශ්වයක් විසින් ගැහැණියකගේ ආත්මය සූරා කෑම
ඉදිරියේ ඇයට ඒ සම්බන්ධතාවය අවසන් කර නීතිමය වශයෙන් පිහිටක් ලබාගත හැකිද…?
ඇත්තටම මෙය ඉතාමත් බැරෑරුම් අවස්ථාවක්. ඇය ඒ පුද්ගලයාව ආශ්‍රය කරන්නේ ඇගේ කැමැත්තෙන්
නම් ඇය ඔහුත් සමග ලිංගිකව එක් වන්නේ ඇගේ කැමැත්තෙන් නම් ඇය නීතිය ඉදිරියට යාම විහිළුවක්.
නමුත් ඒ පුද්ගලයා ඇයව රැවටීම මගින් ඇයත් සමග ලිංගිකව එක්වී ඇයට මග හැරීමට උත්සාහ
කරන්නේ නම් ඇයට නීතියේ සරණ පැතිය හැකියි. නමුත් මෙවැනි නඩුවකදී තමා එම පුද්ගලයා අතින්
රැවටීමකට පත්වූ බවත් තමාව ඒ පුද්ගලයා ඉතාමත් සූක්ෂම ලෙස රවටා ලිංගික කාර්්‍යය සඳහා
පොළඹවාගත් බවත් එම කාන්තාව විසින් පැහැදිලිවම ඔප්පු කළ යුතු වෙනවා. එසේ සාක්ෂි නොමැතිව නීතිය
ඉදිරියට ගොස් පිළිසරණක් ලබා ගැනීම නම් තරමක් අපහසුයි.
ස්ථාවර විවාහ පොරොන්දුවක් මත විවාහයට පෙර සිදුකරනු ලබන අඹුසැමි සම්බන්ධ තාවයකින් පසු එම
පුද්ගලයා ඒ විවාහ පොරොන්දුව කඩකරමින් ඇයට ප්‍රතික්ෂේප කරයි නම් ඇයට නීතියෙන් යම් සහනයක්
ලබාගත හැකිද…?
මෙතන ස්ථාවර විවාහ පොරොන්දුවක් යන්නෙන් අදහස් කරන පොරොන්දුව අනිවාර්යයෙන්ම ලිඛිත එකක්
විය යුතුයි. එසේ ලිඛිත විවාහ පොරොන්දුවක් දී ඇයත් සමග කාලයක් එකට ජීවත් වී පසුව පොරොන්දුව
කඩ කරන අයෙක්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට ගොස් දඩුවම් ලබාදීමේ අයිතිය තිඛෙනවා.
එසේම එසේ නඩු පවරන විට මේ පුද්ගලයා තමාව විවාහ කරගන්නා බවට පොරොන්දු වී තමාව ලිංගික
කාර්යයන් සඳහා පොළඹවා ගත්තේයැයි පවසමින් තවත් නඩුවක් ඇයට ගොනු කල හැකි වෙනවා. මෙවැනි
තත්වයක් නීතිය සලකනු ලබන්නේ අපරාධමය ක්‍රියාවක් ලෙස නිසා නීතිය ඉතාමත් ප්‍රබල ලෙස මේ
අවස්ථාවේදී කි්‍රයාත්මක වෙනවා.
ඒ වගේම මෙම කාරණාව නිසා ඇයගේ මානසිකත්වයට, ඇගේ ජීවිතයට කැළලක් බව පවසමින් එම
පුද්ගලයාට එරෙහිව තවත් නඩුවක් පවරා එම කාන්තාවට මුදල් වශයෙන් වන්දියක් හා අපරාධ කරුට
දරුණු සිරදඩුවමක් වුවද ලබාදිය හැකියි.

ස්ත්‍රී දූෂණයකදී සත්‍ය වශයෙන්ම ඔප්පු කල යුත්තේ කුමක්ද..?
ස්ත්‍රී දූෂණයක් ඔප්පු කිරීමේදි ඔප්පු කිරිමේ භාරය ලැඛෙන්නේ දුෂණයට පත්වූ පාර්ශ්වයට හෙව්ත පැමිණිලි
පක්ෂයටයි. ඒ කියන්නෙ ස්ත්‍රී දූෂණයකදී එම වරද ඔප්පු කිරීම අනිවාර්යයෙන්ම කාන්තා පාර්ශ්වයටම
ලැඛෙනවා. ඉහත ඔප්පු කිරීම අපරාධමය වරදක් නිසා අපරාධ නීතියේ සඳහන් වන ආකාරයට ඔප්පු කිරීම
සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල විසින් අධිකරණය ඉදිරියේ ඔප්පු කල යුතු වෙනවා.
මෙම ඔප්පු කිරීම ඉතාමත් ඉහළ ඔප්පු කිරීමේ භාරයක් වන අතර සාමාන්‍ය සිවිල් ඔප්පු කිරීමකට වඩා
ඉහළ ඔප්පු කිරීමක් ජූරිය විසින් බලාපොරොත්තු වෙනවා.
අද ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රී දූෂණ චෝදනා උසාවියට නොගෙනෙන්න ප්‍රබල සාධකයක් වී ඇත්තේ මේ ඉහළ
ඔප්පු කිරීමේ භාරය නිසායි. මෙවැනි නඩුවකදී අසනු ලබන ප්‍රශ්න කාන්තාවකට දරාගැනීමට පවා අපහසු වන
ඒවා නිසා අද නීතිය ඉදිරියට ඒමට බොහෝ කාන්තාවන් මැලි කමක් දක්වනවා.
මෙවැනි දූෂණයක් ඔප්පු කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඇසින් දුටු සාක්ෂි, අධිකරණ, වෛද්‍ය වාර්තා හා
අවටින් ලැඛෙන වෙනත් සාක්ෂි සමග ඇගේ පෞද්ගලික ජීවිතයේ නොයෙක් සිදුවීම් ඉතාමත්ම වැදගත්
වෙනවා.
නමුත් මෙවන් නඩුවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට හැකි සාධක තමා ළඟ ඇත්නම් නීතිය
ඉදිරියට ඒමට කිසිම කාන්තාවක් බිය විය යුතු නැහැ. ඇයට සිදුවූ අසාධාරණයට උපරිම දණ්ඩලය එම
අපරාධය සිදුකල පුද්ගලයාට නීතිමය වශයෙන් ලබා දිය හැකි බව සෑම කාන්තාවක්ම මතකයේ තබා ගැනීම
ඉතාමත් වැදගත්.

දූෂණ චෝදනාවක් ඔප්පු කිරීම මගින් වග උත්තර කාර පාර්ශ්වයෙන් කාන්තාවට
 ලබාගත හැකි නීතිමය රැකවරණය කුමක්ද..?
මෙවැනි අවස්ථාවකදී අතවරයට ලක්වූ තැනැත්තියට තමාව අපරාධයට ලක්කල පුද්ගලයාට එරෙහිව
අපරාධමය වශයෙන් බරපතල වැඩ ඇතිව ඉතාමත් දීර්ඝ සිර දඩුවමක් ලබාදිය හැකි අතරම අනෙක්
පැත්තෙන් පීඩාවට පත් වූ තැනැත්තියට නීතිමය වශයෙන් තමාගේ ආත්මයට සිදු වූ කැළල වෙනුවෙන්
වන්දියක් ලබාගැනීමටද නීතියෙන් අවකාශය ලැඛෙනවා.
මෙය අපරාධ නඩුවක් මගින් මෙන්ම අවශ්‍යනම් වෙනත් සිිවිල් නඩුවක් සිවිල් අධිකරණයකදී පවරා
අපරාධමය වන්දි ලබාගැනීමේ අයිතිය කාන්තාවකට ලැඛෙනවා.

නීතිය ඉදිරියේ කාන්තාවක් ලිංගික වශයෙන් සූරා කෑමකට ලක් වූ බවට ඇය
ඔප්පු කරන්නේ කෙසේද…?
ඇත්තෙන්ම මේ ප්‍රශ්නය අපි ඉහත කොටසකත් සාකච්ඡා කලා. ප්‍රධාන වශයෙන් දූෂණයට ලක්වු පාර්ශ්වය
නීතිය ඉදිරියේ මෙම දුෂණ ඔප්පු කල යුතු වෙනවා. මේ සඳහා දූෂණයට ලක්වූ ඇයගේ පෞද්ගලික ජීවිතය,
ඔහුගේ ඇයගේ කල්කිරියාව, මෙම දූෂණය ඇසින් දුටු සාක්ෂි, වෛද්‍ය වාර්තා මගින් ලබා දෙන ප්‍රතිඵල,
සිදුවූ අපරාධයේ ස්වරූපය, ශරීරයේ ඇති තුවාල කැළල්, සීරීම් හා වෙනත් අවටින් ලබාගත හැකි සියලූම
සාක්ෂි නඩුවක් ඔප්පු කිරීම සඳහා ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා.

යම් පිරිමි පාර්ශ්වයක් විසින් දිගින් දිගටම කරනු ලබන ලිංගික මැදිහත් වීමක් නිසා
 අවිවාහක තරුණියකට අනාගතයට හා සමාජයට මුහුණදීමට ඇති තත්වය නැතිවී යනවා. මේ තත්වය මත
ඇයට නීතිමය සරණක් පැතිය හැකිද…?
පැහැදිලිවම පුළුවන්. ඇගේ අකමැත්ත මත යම් පුද්ගලයෙක් ඇයට ලිංගික වශයෙන් පීඩා කරනවානම් දිසා
අධිකරණයකදී ඔහුට විරුද්ධව නඩුවක් පවරා තමාගේ ජීවිතයට මෙය ඉතාමත් දරුණු බලපෑමක් බව ඔප්පු
කරමින් අදාල පුද්ගලයාට අපරාධමය නීතිය යටතේ දඩුවම් ලබා දිය හැකියි.

කිසියම් කාන්තාවක් සිය කැමැත්තෙන් ආදරවන්තයා යැයි කියාගන්නා පුද්ගලයෙකු
සමග සමාජයේ පිළිගත් තානායමකදී හෝ හෝටලයකදී පොලිස් අත් අඩංගුවට පත්වුවහොත් ඇති වන තත්වය
 හා ඇයට එරෙහිව එල්ල වන චෝදනා මොනවාද…?
ප්‍රධාන වශයෙන්ම මෙතනදී කාරණා කීපයක් බල පවත්වනවා. සිය කැමැත්තෙන්ම කිසියම් යුවළක් පිළිගත්
නීතියේ අවසරය ඇතිව පවත්වාගෙන යන හෝටල් කාමරයක අඹුසැමියන් ලෙස සිටියදී අත් අඩංගුවට ගත්
විටකදී එල්ල කල හැකි ප්‍රධාන චෝදනාව වන්නේ ඔවුන් අඹුසැමියන් ලෙස ගත කලත් විවාහ වී නොමැති
වීම යන්නයි. මෙම කාරණා ඇත්තෙන්ම අද බහුලව සිදුවෙනවා. මෙය අප සදාචාරාත්මක අතින් ගත් කල
අප ලැජ්ජාවට පත්විය යුතු තත්වයක් වන අතර එවැනි අවස්ථාවලදී ඔවුන්ව කැදවාගෙන අවුත්
දෙමාපියන්ටද දන්වා සමාජයේ යහපත වෙනුවෙන් ඔවුන්ට අවවාද ලබා දිය හැකියි. මෙවැනි ක්‍රියාවක් මගින්
කාන්තාවකගේ මුළු ආත්මයම විනාශවන බව නම් පැහැදිලි ලෙසම කියන්න පුළුවන්.
ඒ වගේම බලපත්‍ර රහිතව නීතියේ අනවසරයෙන් පවත්වාගෙන යන ලැගුම් හලක හෝ හෝටලයක සිටින
යුවළක් නීතිය ඉදිරියට ගෙන යාමට පොලීසියට පැහැදිලි ලෙස අයිතිය තිඛෙනවා. මෙතනදී එම හෝටලය
පවත්වාගෙන යන පුද්ගලයන්ටත් එම හෝටලයේ ලැගුම්ගත් යුවළටත් අනිවාර්යයෙන්ම නීතියෙන් දඩුවම්
ලබාදිය හැකියි.
ඒ වගේම නීතිමය හෝ නීතිමය නොවන අවන්හලකදී අත් අඩංගුවට ගන්නා යුවළගෙන් එම යුවතිය අඩුවයස්
කාර දැරියෙක් නම් ඇයව එම ස්ථානයට රැගෙන ඒම වෙනුවෙන් අදාල පුද්ගලයාට එරෙහිව නඩු පවරා
නීතිමය වශයෙන් දඩුවම් ලබාදිය හැකියි.
මෙවැනි තත්වයන් අප සමාජයේ බහුලව සිදු වීම ඉතාමත් කණගාටු විය යුතු අතරම මෙම කාරණයේදී
අදාල කාන්තාවගේ චරිතයට සිදුවන කැළල ඇය විසින් තවමත් තේරුම් නොගැනීම අපේ අභාග්‍යයක් ලෙස
හැදින්විය හැක. මෙවැනි අවස්ථාවලදී අපගේ නීතිය හැමවිටම කි්‍රයාත්මක වන්නේ අපගේ සමාජ ශෝදන
උදෙසා බව පැහැදිලි ලෙස කියන්න පුළුවන්.
  මතයක් තිඛෙනවා. කිසියම් අවස්ථාවක තරුණියකගේ අකමැත්ත මත ඇයට අතවරයක් කල නොහැකි බව… මම තර්කය තවමත් නීති කෙටුම්පත් වල තිඛෙනවාද…?

පැහැදිලිම  ඔව් . කිසියම් කාන්තාවක්
අකමැත්ත මත සිදුවන ලිංගික ක්‍රියාවක් අනිවාර්යයෙන්ම ස්ත්‍රී දූෂණයක් ලෙස නීතිය ඉතාමත් පැහැදිලි
ආකාරයට පිළිගනු ලබනවා.

තම ස්වාමියාගෙන් ඉතා කුරිරු අන්දමේ ලිංගික පීඩාවක් විදින බිරිඳකට ඒ කාරණාව
ඇගේ දික්කසාදය
සඳහා හේතු ………. ලෙස පාවිච්චි කල හැකිද…?
ඇත්තෙන්ම ඉහත ගැටළුව අද සමාජයේ ප්‍රායෝගික වශයෙන් දැකගන්න ලැඛෙනවා. ඊට හේතුව වන්නේ
සමහර පුරුෂයින්ගේ අස්වාභාවික ලිංගික ක්‍රමමගින් තමන්ගේ ආශාවන් බිරිඳගේ මාර්ගයෙන් ඉතා කුරුරු ලෙස
ලබා ගැනීමට පෙළබී සිටීමයි.
නමුත් දික්කසාදයක් ලබා ගැනීමට නම් මේ කාරණාව පමණක් ප්‍රමාණවත් නැහැ. මෙවැනි අවස්ථාවක
සාමාන්‍යයෙන් භාර්්‍යාවට ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වීමට නම් සාමාන්‍ය නීතිමය තත්වය යටතේ තවත්
සපුරාලිය යුතු තත්වයන් කීපයක් තිඛෙනවා.
දික්කසාදයක් ලබාගත හැකි මාර්ග තුන තමයි අනාචාරය, ලිංගික ඛෙලහීනතාවය සහ ද්වේශ සහගත
ලෙස හැරයාම. ඉහත කී තත්වයන් මේ කාරණා තුන සමග හෝ එකක් සමග ගලපා දික්කසාදය ලබා
ගැනීමට කි්‍රයාකල හැකියි. (උදා – කිසියම් ස්ත්‍රීයක් තමාගේ පුරුෂයාගෙන් ඉතා ප්‍රබල ලෙස ලිංගික
පීඩාවකට පත්වෙනවා නම් ද්වේශසහගත ලෙස හැරයාම යන කාරණාව මත දික්කසාදය ලබාගත හැකියි)
නොමැතිව ලිිංගික පීඩාව හේතුකරගෙන නම් දික්කසාදයක් ලබාගත නොහැකියි.

යම් කිසි කාන්තාවක් ශාරීරික නොවන ආකාරයකට එනම් මානසික හා සමාජීය වශයෙන්
යම් කිසි පුද්ගලයෙක්ගේ හා පිරිසකගේ ලිංගික පීඩාවකට පත්වන්නේ නම් (උසුලූ විසුලූ,
නිර්නාමික දුරකථන ඇමතුම්, නිර්නාමික ලියුම්) ඇයට මේ අවස්ථාවේදී ගත හැකි නීතිමය
පියවර කුමක්ද….?
ඇත්තෙන්ම උසාවියේ යම් කාරණාවක් ඔප්පු කිරීම සඳහා අනිවාර්යයෙන්ම සාක්කි අවශයයි. නමුත්
මෙවැනි ඇමතුම් හා ලිපි උසාවිය පිළිගත් සාක්ෂී ලෙස පිළිනොගනී. නමුත් මේ නිර්නාමික දුරකථන
ඇමතුම් හා ලිපි අනිවාර්යයෙන්ම ලබාදෙන පුද්ගලයාට ඉතා විශ්වාසවන්ත සාක්ෂියක් මත ඉහළ
ආකාරයෙන් පිළිගත් ලෙස ඔප්පු කිරීමට හැකියාව ඇත්නම් නීතියෙන් ඒ සඳහා ඔවුන්ට දඩුවම් ලබාදිය
හැකියි. එය එසේ නොමැතිව ඔවැනි කාරණා මත උසාවියට යාම නිශ්ඵල කාර්යයක්.

 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *