Cash Fraud – මුදල් ආරවුල් සම්බන්ද වූ නීතියෙන් බිදක් ……

අද සමාජයේ හොරු /වංචාකාරයෝ හැම තැනම ,හැමදේටම මිලක් නියම වෙලා තියෙන සමාජයේ හැමදේම වංචාවෙන් ගෙනියන මිනිස්සු වැහි වැහැලා අන්න ඒ වගේ මිනිස්සුන්ගේ සමාජයේ සාදරනව ජීවත්වෙන සාධාරණව හම්බ කරණ මිනිස්සුන්ව බේරා ගන්න තමයි මම මේ කියන්න යන නීති හදලා තියෙන්නේ


සාපරාධ විශ්වාස කඩ කිරීම
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 389 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ
චෙක්පත් මගින් සිදුකරන්නා වූ වංචාත් මේ යටතට අයත් වේ .

වගන්තියට අනුව
පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි
දඩුවම්
උපරිම අවුරුදු 3 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
දඩ මුදලක්
උපරිමය අවුරුදු 3 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම
2 .වංචා කිරීම

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 400 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ

වගන්තියට අනුව
පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි
දඩුවම්
උපරිම අවුරුදු 1 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
දඩ මුදලක්
උපරිමය අවුරුදු 1 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම

3 . ව්‍යාජ ලේඛන සෑදීම

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 454 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ

වගන්තියට අනුව

පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි

දඩුවම්
උපරිම අවුරුදු 5 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
දඩ මුදලක්
උපරිමය අවුරුදු 5 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම

4 .ගිණුම් වරදවා පෙන්වීම

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 467 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ

වගන්තියට අනුව

පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි

දඩුවම්
උපරිම අවුරුදු 7 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
දඩ මුදලක්
උපරිමය අවුරුදු 7 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම
මේ සදහන් වෙන්නේ අදාළ නීතී වලින් කොටසක් විතරයි මෙහි සදහන් නොවුණු තවත් අතුරු වගන්ති රාශියක් “අපරාධ නඩු විධාන සංග්‍රහයේ ” සදහන් වෙනවා .

 

….අනුරාධ සංජය සේනානායක…..

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *