සමට හිතකර ආලේපන වර්ග 40ක් ගැන

අපේ රට උෂ්ණාධික රටක් නිසා නිතරම අපි හැමෝගෙම සම හිරු එළියට ගොදුරු වෙනවා. දැන් හුඟක් විශේෂඥයන් හොයාගෙන තියෙන සත්‍යක් තමයි සූර්ය කිරණ සම මත පතිත වීමෙන් සමට ඉතා අධික හානිකර බලපෑම් ඇතිවන බව. පළමු කොට මේ සූර්ය කිරණ සමට පතිත වීමෙන් සමේ තිඛෙන තෙතමනය නැතිවී යනවාත මෙමගින් සම ඉතාමත් වියලි භාවයට පත්වෙනවා. හිරු එළියට නිතර නිතර ගොදුරු විම නිසා තම වියැලූණු තැන්වල රැලි වැටීම සිදුවෙනවා. ඒ වගේම යුරිරේස් නැමති කිරණ පතිත වීම නිසා සමේ දුර්වර්ණතා ඇති වෙනවා.

කළු හම අව්වේ ගියාම කළු වෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. ඇත්තටම ඒක බොරුවක්. කළු හමේ තැන් තැන් වල තද කළු පාටට දුර්වර්ණතා ඇති වෙන්න පුළුවන්. වසර ගණනාවක් පුරා සූර්ය කිරණ පතිත වීමෙන් සමේ පිළිකා පවා ඇති වීමට පුළුවන්. එමනිසා මේ ගැන ඉතා අවධානයෙන් සිතට ගත යුතු කාරණයක්. විශේෂයෙන්ම ළදරුවන් තද අව්වේ එළියට ගැනීම ඉත භයානක දෙයක්. ළදරු හමට සූර්ය කිරණ දරා ගැනීම ඉතාමත් අපහසුයි. පහත දැක්වෙන්නේ හිරු අව්වේ නිරාවරණය වන සමට හිතකර වෙළඳපලෙන් හෝ රූපලාවන්‍ය ආයතන මගින් ලබාගත හැකි ආලේපන වර්ග කිහිපයක්.

 

ඇලෝවේරා ජෙල්
Alovera Gel
කුඩා ළමයි අව්වේ සිට ගෙදර ආ විට මෙම අලෝවේරා ජෙල් ශරීරයේ ආලේප කිරීම ඉතා හොඳයි. මෙය ආලේප කිරීමෙන් සමසට නැවුම්
ගතියක්, පිළිස්සුණු සමට සිසිල් ගතියක් ලබා දීමට පුළුවන්.

 

කැරට් ඇන්ඩ් ලෝටස්
Karet & Lotus
මෙය සූර්ය කිරණ වලින් සම ආරක‍සා කිරීමට සාදා ඇති හිරු ආවරණ ආලේපයක්. මේවා නිෂ්පාදනය කර තිඛෙන්නේ ශාක සාර වලින්.
මේවා කුඩා ළමුන්ගේ ශරීරයේ වුවත් ආලෙප් කළාට වරදක් නැහැ. පාසලට යාමට හෝ කී්‍රඩා කිරීමට පෙර කැරට් ඇන්ඩ් ලෝටස් හිරු එළියට
ගොදුරු වන මුුහුණට, ඛෙල්ලට හා අත්පා වලට ආලේප කරන්න. රැකියාවට යන අය සම පිරිසිදු කර කැරට් ඇන්ඩ් ලෝටස් ආලේප කරන්න.
ඉන්පසු මේකප් ආලේප කළාට කමක් නැහැ. (නියුටිජිනා, විකෝ, ජැනට් නිෂ්පාදන වලින් ඔබට හිරු ආවර්ණාලේප ලබාගත හැකියි)

 

කියුකම්බර් ක්ලෙන්සර්
Cucumber Clenser
සම පිරිසිදු කර ගැනීමට පළමුවෙන්ම උදව් කරගන්නේ ක්ලේන්සර්. සමේ නිපදවෙන ස්වභාවික තෙල් ගතිය සමග පරිසරයෙන් නිරන්තරයෙන්ම
සමට එක්වන දූවිලි වැනි අපද්‍රව්‍ය එකට එක් වීමෙන් සම අපිරිසිදු වෙනවා. ඒ නිසා සම අනිවාර්යයෙන්ම ක්ලෙන්සින් කළ යුතු වෙනවා.
ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් පිපිඤ්ඤා වලින් සාදන ලද කියුකම්බර් ක්ලෙන්සර් මෝෂර් නිෂ්පාදනය යොදා ගන්න.

ස්කින් ක්ලීන්
Skin Clean
මේක් අප් ඉව්ත කර ගැනීමටත්, තෙල් ගතිය අධික සමෙහි ඇති දූවිලි ආදිය ඉවත්කර සම පිරිසිදු කිරීමටත් භාවිතා කළ හැකියි. මැරුණු
සම ඉවත් කිරීමටත් සුදුසුයි මෘදු ගතියක් ඇති කී්‍රම් වර්ගයක්.
ස්කින් ෆ්‍රෙෂ්
Skin Fresh
සමෙහි නැවුම්, සිසිල් ගතියක් ඇති කරනවා. සමේ තෙත් ගතිය ඉවත් නොවීම නිසා ඔබේ සම වියළීම වළක්වා ගැනීමට මෙම ආලේපනය හොඳයි.
නියුට්ටි්‍ර මොයිස්ට්
Nutri Moist
සමේ ස්වාභාවික තෙත් ගතිය අඩුවී ඇත්නම් එය යථා තත්වයට පත්කර සමේ අධික වියලි ගතිය අඩු කරනවා. ඉන් සම වියළීමෙන් ඇතිවන
ගැටළු වලක්වා සමේ පටකයන් ආරක්ෂා කර සම සෞම්‍ය ගතියකින් තබනවා.
රෙඩ් සැන්ඩ්ල්
Red Sandle
හිරු එළියට නිරාවරණය සමට හොඳ ආලේපයක් රෙඩ් සැන්ඩ්ල් ආලේප කිරීමෙන් සමස පිළිස්සීමක් සිදු වන්නේ නැහැ. මෙහි අඩංගු රත්හ\ුන්,
ආණිකා ශාක සාරත්, විටමින් ඊට ආරක්ෂාව ලබාදී සමට සිිසිලක් ඇති කරනවා. සම වියළීමෙන් සම රැළි වැටීමෙන් සහ මහලූ පෙනුමක් ගැනීමෙන් වලක්වනවා.
ෆැෂන් ඇන්ඩ් ලයිම්
Fashion & Linme
ඔබට ඇත්තේ දුර්වර්න වූ සමක් නම් ෆැෂන් ඇන්ඩ් ලයිම් නැමති ෆේෂ් වොෂ් එක සම පිරිසිසදු කිරීම සඳහා භාවිතා කරන්න.
ස්පියමික්
Spyamic
රාති්‍ර කාලයේදී සම සෝදා පිිරිසිදු කර දුර්වර්ණ හා කැලලි ඇතිවී ඇති තැන්වල ස්පියමික් ආලේප කිරීම හොඳයි.
හනි ඇන්ඩ් කියුකම්බර් ෆේෂ් වොෂ්
Honey & Cucumber Face Wash
ඔබට ඇත්තේ වියලි සමක් නම් සම පිරිසිදු කිරීම සඳහා මෙය යෝග්‍යයි.
ස්ට්‍රෝඛෙරි ෆේෂ් වොෂ්
Strobery Face Wash
වියලි සමකට නම් මෙයත් හොඳයි. අත්වල අති වියලි බව අවම කර ගන්නට ස්ට්‍රෝඛෙර ිෆේස් වොෂ් වලින් සෝදන්න.

සැන්ඩ්ල් ෆේස් වොෂ්
Sandle Face Wash
ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් සැන්ඩ්ල් ෆේස් වලින් සම පිරිසිදු කර ගත හැකියි.
කියුකම්බර් මෝචර් ටොනික්
Cucumber Motur Tonic
ක්ලෙන්සර් වලින් පිරිසිදු කිරීමේදී සමේ සිදුරු විවෘත වෙනවා. මෝචර් මගින් කරන්නේ එම විවෘත වූ සිදුරු වසා දැමීමක්. සමේ තෙල්ගිතය අධිකව ඇති කෙනෙකුට කියුකම්බර් මෝචර් ටොනික් එක හොඳයි.
ඇස්ටි්‍රජන්ට් ලෝෂන්
Actrigent Lotion
මෙය සුදුසු වන්නේ තෙල් සහිත සමකටයි. (මේවා මෝෂර් ආයතනයෙන් ඔබට ලබා ගන්න පුළුවන්)
ස්කින් ටොනික්
Sking Tonic
ඔබේ සම සාමාන්‍ය සමක් නම් ස්කින් ටොනික් එක තෝරා ගන්න.
ස්කින් ෆ්‍රෙෂ්නර්
Sking Freshner
ස්කින් ෆ්‍රෙෂ්නර් තෝරා ගත යුත්තේ ඔබේ සම වඩාත් වියලි නම් පමණයි.


මොයිස්චරයිසර්
Moisturiser
සමේ තෙතමනය ආරක‍ෂාකර ගැනීමට පාවිච්චි කරන ආලේපන වලටයි මොයිස්චරයිසර් කියන්නේ. තව විදියකට කියනවා නම් සමේ ස්වාභාවික
බව ඉවත් නොවීම පිණිස වසා තබන ආවරණයක් වශයෙන් මොයිස්චරයිසර් හඳුන්වන්න පුළුවන්. මොයිස්චරයිසර් ආලේප කරන්නේ ටෝනර්
කිරීමෙන් පසුවයි.

පෙපර්මින්ට් ෆේස් වොෂ්
Papermint Face Wash
ඔබට ඇත්තේ කුරුළෑ සහිත සමක් නම් ඔබේ සම පිරිසිදු කිරීමට පෙපර්මින්ට් ෆේස් වොෂ් භාවිතා කරන්න. කුරුළෑ නොකැඩෙන පරිදි ඔබ
මෙය ඉතා සියුම්ව ආලේප කළ යුතුයි. ඉන් පසු වතුරෙන් සේදා හරින්න.

ලැවැන්ඩර් ඇන්ඩ් ආමර් ඔයිල්
Lavander & Armour Oil
ඔබේ යටිපතුල් රළු බවකින් යුක්ත නම් රෑ නින්දට යාමට පෙර යටි පතුල් වතුරේ බස්වා තබා පියුමික්  ස්ටෝන් එක්ක වතුරේ දමා තබා  එයින් යටිපතුල් අතුල්ලන්න. ඉන්පසු උණු ජලයෙන් සෝදා පිසදමා ලැවැන්ඩර් ඇන්ඩ් ආමර් ඔයිල් ආලෙප කරන්න.
ලෙමන් ෆ්ලවර්
Lemon Flower
ඔබේ යටිපතුල් පැලී ඇත්නම් ලෙමන් ෆ්ලවර් නැමති ශාකසාර ආලේපනය යටිපතුල් මත ආලේප කරන්න. ඔබගේ යටිපතුල් අධික වියළි
ගතියකින් යුක්ත නම් ලෙමන් ෆ්ලවර් ගැල්වීමෙන් වියළීම වළක්වා ගත හැකියි.


මසාජ් කී්‍රම් ඇන්ඩ් ඔයිල්
Massage Cream & Oil
මසාජ් (සම්බාහනය) කිරීම තුලින් හොඳ රුධිර ගමනාකමනයක් ඇතිවී සම ප්‍රකෘතිමත් වෙනවා. ශක්තිමත් වෙනවා. පැහැපත් වෙනවා. ඒ සඳහා මසාජ් කී්‍රම් ඇන්ඩ් ඔයිල් ඔබට අවශ්‍ය වෙනවා.
ෆේස් පැක්
Face Pack
ෆේස් පැක් දැමීමෙන් මුහුණේ මස්පිඩු සවිමත් වී රුධිර ගමනා ගමනයක් ඇති වෙනවා. ඒ නිසා මුහුණ පැැහපත් වෙනවා.
ඇලෝ ඇන්ඩ් ලැවැන්ඩර් ජෙල්
Allow & Lavander Gel
ඔබේ හිසකෙස් නිනතරම අව්වට නිරාවරණය වීම තුළින් සිදුවන හානිය ඔබ දන්නවා. ඒ නිසා ඇලෝ ඇන්ඩ් ලැවැන්ඩර් ජෙල් හිසකේ මත ආලේප කිරීමෙන් ය ම් යම් හානිකර තත්වයන් වලින් හිසකෙස් ආරක‍ෂා කර ගන්නට පුළුවන්. ගමනක් යාමට පෙර මෙම ජෙල් ආලේපකර ආපසු පැමිණි පසු නැවත සෝදා හරින්නට අමතක නොකරන්න.

හෙයාර් ස්ප්‍රේ
Hair Spray
හිසකෙස් පිළිවෙලට සැකසීම සඳහායි හෙයාර් ස්ප්‍රේ යොදන්නෙ.


ෂැම්පු
Shampoo
ෂැම්පු වලින් කරන්නේ හිසකෙස් පිරිසිදු කිරීම බව ඔබ දන්නවා. නමුත් ෂැම්පු තෝරා ගැනීමේදී ඔබේ හිසකෙස් වලට සරිලන විදිහට තෝරා ගත යුතුයි. අද විවිධ නම් වලින් ෂැම්පු වර්ග වෙළඳ පොලේ තිඛෙනවා. ඒ කොයික වුනත් ඔබේ තෝරා ගැනීම නිවැරදි වෙන්න ඕනා. වෙලා, ඇඩොන්, ජොන්සන්ස් 5.5, යුනික්, පානාස්, ජැනට් ආයතන වලින් ඔබට ඔබේ හිසකෙස් වලට ගැලපෙන පරිදි ෂැම්පු වර්ග තෝරා ගන්න පුළුවන්.
හෙයාර් ඔයිල් – අම්ලා / කේෂා
Hair Oil
හිසකෙස් වලට තෙල් වර්ගත් ගැල්වීම අත්‍යාවශ්‍යම දෙයක්. හිසකෙස් වල වැඩිමටත්, ප්‍රකෘති බවටත් තෙල් ආලේපනයක් අවශ්‍යයි. අම්ලා කියන්නේ නෙල්ලි වලින් සාදන තෙල් වර්ගයක්. ඒ නිසා මේ තෙල් හිසකෙස් වලට ගැල්වීම ඉතා හොඳයි. කේෂා තෙල් ද හිසකෙස් වලට හොඳ  තෙල් වර්ගයක්.
ලයිසින්
Lysin
ලයිසින් කියන්නෙ උකුණන් මර්ධනය කර ගැනීමට තියෙන දියරයක්. මෙම ලෝෂන් ස්වල්පයක් හිසකෙස් වල ගල්වා පැය 2-3ක් පමන කාලයක් සිට හිසකෙස් සෝදා හරින්න.
මෙඩිකර්
Medicar
උකුණන් සඳහා තවත් ෂැම්පු වර්ගයක් මෙඩිකර්, මෙඩිකර් ස්වල්පයක් අත්ලට ගෙන හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු ොහඳින් සම්බාහනය කරන්න. පසුව සෝදා හරින්න.
නීම් මිල්ක්
Neem Milk
ශාකසාර නිෂ්පාදනයක් වන නීම් මිල්ක් උකුණන් මර්ධනය සඳහා යෝග්‍යයි. හිසකෙස් වලටද කිසිසම අහිතකර බවක් නැහැ.

සෙල්සන්
Selson
ඔබේ සිරුරේ අළුයම් සෙල්සන් ගැල්වීමෙන් සුවකර ගත හැකියි.


ලිප්ස්ටික්
Lipstic
ලිප්ස්ටික් කියන්නෙ තොල් ආලේපන වලට තොල් වල මනා පෙනුමක් ඇතිකර ගැනීමට ලිප්සිටික් ගල්වන් පුළුවන්.  ලිප්ස්ටික් විවිධ වර්ණවලින් තිඛෙන බව ඔබ දන්නවා.
ලිප් බාම්
Lip Bam
තොල් වල ආරක්ෂාවටයි ලිප් බාම් ගල්වන්නේ. අව්වේ යන විට ලිප් බාම් එකක් තොල් වල ගැල්වීම ොහඳයි. එවිට ඉරිතැලීම, පැලීම සිදුවන්නේ නැහැ.
කියුමෙක්ස්
Cumex
නිය වල අලංකාරයටයි කියුමෙක්ස් තියෙන්නෙ. මේවාත් විවිධ වර්ණයන් ගෙන් සමන්විතයි.
නේල් රිමූ
Nail Remove
නිය ආලේපන (කියුමේකස්) ඉවත්කර ගැනීමයි නේල් රිමූ කියන්නෙ. කියුමෙක්ස් මිළදී ගන්නා විට නේල් රිමූ එකකුත් අරගන්න.
වැක්ස්
Vax
අනවශ්‍ය රෝම ඉවත්කර ගන්නා එකටයි වැක්ස් කියන්නෙ. යුවතියන්ගේ අත්පා වල බහුලව රෝම ඇතිවීම නිසා අවලස්සනක් ගෙන දෙන්න
පුළුවන්. ඒ නිසා වැක්ස් කළ යුතු වෙනවා.


විටමින ්ඊ බොඩි ලෝෂන්
Vitamine E Body Lotion
ඔබේ සසම වියළි බවින් රැකගැනීමටත් තෙතමනය රැක ගැනීමටත් පාරජම්බුල කිරණින් රැක ගැනීමටත් මෙය උපකාරී වෙනවා.
ඔබේ සම හිරු එළියට විවර වූ පසු පටක, එළිමහනේ සිට නිවසට ආ විටෙකන නෑමෙන් පසු මෙය සමෙහි ආලේප කරන්න.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *