රෝගයක් ගැන තොරතුරක් ….

රෝගයක් ගැන තොරතුරක්
මේ ලිපිය දියවැඩියා රෝගීන්ට පමණක් නොවේ.. ඔබත් මෙය කියවන්න……

දියවැඩියා රෝගය යනු කුමක්ද…?
ඇත්තෙන්ම කියනවා නම් දියවැඩියා රෝගය කුමක්ද කියලා හදුන්වන එකත් ප්‍රශ්නයක් මොකද දියවැඩියාව ගැන අර්ථ දැක්වීම් කිහපයක්ම තිඛෙනවා. ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට උදේට ආහාර නොගෙන සිට ශරීරයේ රුධිරය පරීක්ෂා කළ විට රුධිරයේ ඇති සීනි ප්‍රමාණය මිිලිග්‍රෑම් 140 ට වැඩිය තිඛෙනවා නම් ඒක දියවැඩියාව ලෙස ගණන් ගැනෙනවා. එහෙම නැත්නම් නිරාහාරව සිට රුධිරය පරීක‍ෂා කර බැලු විට එහි සීනි ප්‍රමාණය මිලිග්‍රෑම් 128 ට වැඩි නම් ඒකත් දියවැඩියාව ලෙස පිළිගන්නවා. විශේෂයෙන්ම මේ අර්ථ දැක්වීම වෙනස් වෙන්න හේතු කීපයක්ම තිඛෙනවා. මෙතනදී බලන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වුනාට පස්සේ එන අතුරු ආබාධ මොනවද කියලා. මේ අතුරු ආබාධ හටගන්නේ යම් සීනි ප්‍රමාණයක් වැඩි වුනාම. ඉතින් මේ අතුරු ආබාධ ඇත්වෙන්නේ කුමන සීනි ප්‍රමාණය රුධිරයේ වැඩියෙන් තිබීම නිසාද යන්න මත තමයි මේ නිර්වචනය කිරීම සිද්ධ වෙන්නෙ. නමුත් අපට තවමත් නිශ්චිතවම සොයා ගන්න බැරි වෙලා තිඛෙනවා ශී්‍ර ලංකාවේ අයෙක්ගෙ රුධිරයේ කොච්චර සීනි ප්‍රමාණයක් තිඛෙන්න ඕනෙද දියවැඩියාව හැදෙන්න කියලා. දියවැඩියාව හැදෙනවා කියන්නේ අතුරු ආබාධ ඇතිවෙනවා කියන එක. බටහිර රටවල සොයාගෙන තිඛෙනවා රුධිරයේ සීනි ප්‍රමාණය 110 ට වැඩිනම් දියවැඩියාව ලෙස ගැනීමට පුළුවන් බව. නමුත් අපේ ආසියාතික රටවල ජීවත්වන අයගේ ජාන වල වෙනස්කමක් තිඛෙනවා. බටහිර රටවල අයගේ ජාන වලට ප්‍රතිශතය වෙනස්. අපේ ආසියාතික රටවල අයට දියවැඩියාව සෑදීමේ ප්‍රතිශතය ඉතාමත් වැඩියි. ඉතින් ලංකාවේ ජීවත්වන අයගෙන් දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය ඉතාමත් වැඩියි. මේකට හේතුව තමයි බටහිර රටවල අයගේ මුළු ශරීරයම මහතට තිඛෙනවා. නමුත් අපේ ලංකාවේ අයගේ බඩ ඉතාමත් මහතට තියෙනවා. මේ උදරයේ විශාලත්වය තමයි දියවැඩියාව වැඩි වීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ… උදරයේ තැන්පත් වෙන මේදය අක්මාවේ කි්‍රයාකාරිත්වයට බාධා ඇති කරනවා. අපේ ශරීරයේ ඇති මාංශපේශි වල මේදයත් වැඩි නිසා ආහාර ගැනිමෙන් පසු ඉතිරිවන රුධිරය ප්‍රමාණයත් කැටි ගැහෙනවා. මේ ාකරණාව නිසා උදරය මහත් වෙන්නේ. ලංකාවේ ජීවත්වන පුද්ගලයන්ගේ ජානවල කි්‍රයාකාරිත්වය අනුව රුධිරයේ සීනි ප්‍රමාණය මිලිග්‍රෑම් සීයකට වඩා තිබේ නම් ඒ සියළු දෙනාටම දියවැඩියාව රෝගය ඇති බව ප්‍රකාශ කරන්න පුළුවන්.

දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ මොනවාද..?
හුඟක් දෙනෙක්ට රෝග ලක්ෂණයක් නොමැති වීම දියවැඩියා රෝගයේ ඇති තවත් විශේෂත්වය්. මීට අමතරව අධික පිපාසය ශරීරය කෙට්ටුවීම ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ තුවාල හා කැසිලි ඇතිවීම විෂබීජ වලින් ඇතිවන ආසාධන වේගයෙන් පැතිරයාම ඇස් නොපෙනීයාම ඇඟපත් රිදීම.
දියවැඩියා රෝගියෙක් ආහාරයට නොගත යුතු ආහාර වර්ග…?
ඇත්තෙන්ම දියවැඩියා රෝගියෙක් වැලකී සිටිය යුතු ආහාර කීපයක් තිඛෙනවා. සීනි, හකුරු, අයිස්කි්‍රම්, චොක්ලට් වැනි පැණිරස වර්ගත් සියළුම පැණිරස වර්ග වලිනුත් වැලකී සිටිය යුතුයි. තෙල් සහිත ආහාර වලින් වැලකී සිටීමත් ගුණ දායකයි.

දියවැඩියා රෝගියෙක්ට ගුණදායක ආහාර .. ?

කඩල, මුං ඇට, කව්පි, ගී්‍රන්පීස්, රතු කැළු, එළවළු හා පළතුරු, මාළු, කුරක්කන්, හා සෝයා වගේ ආහාර ඉතාමත් ගුණ දායකයි.
දියවැඩියා රෝගියෙක් සාමාන්‍ය දින චර්්‍යාවේ වෙනස් කල යුතු අංග මොනවාද …? 

දියවැඩියා රෝගියෙක් එයාගේ දින චර්යාවට අනිවාර්්‍යයෙන්ම එක් කර ගත යුතු දෙයක් තමයි ව්‍යායම කිරීම. ශී්‍ර ලාංකිකයින් වන අප දිනකට පැයක්වත් ව්‍යායාම් වල නිරත විය යුතුයි. මොකද විශේෂයෙන්ම ආසියාතික රටවල අයගේ ශරීරයේ තැන්පත් වන මේද ප්‍රමාණය ඉතා ඉහල අගයක තිඛෙන නිසා අඩුම තරමේ පැයක්වත් ව්‍යායාම් වල නිරත වීම ඉතාමත් වැදගත්. මේ පැය ඇතුලත තමාගේ හෘද ස්පන්දනය යම් මට්ටමකට රැගෙන ආ යුතුයි. ඒ ප්‍රමාණය තමයි 220 න් තමාගේ වයස අඩු කළහම එන්නේ. (අපි හිතමු තමන්ගේ වයස අවු. 40යි කියලා. 220න් 40ක් අඩු කරලා එන ගණන තමයි 180 ඉතින් ව්‍යායාම් කරන විට හෘද ස්පන්ධනය 180ක් වත් තිබිය යුතුයි) නොමැති නම් මේ අගයෙන් 80% ක හෘද් ස්පන්ධන වේගයෙක් ලබාගත යුතුයි. මේ සඳහා හොඳම ක්‍රමය තමයි ව්‍යායාම කොටස් කීපයකට වෙන් කර ගැනීම මූලික එක තමයි ශරීරය උණුසුම් කරගැනීමේ ව්‍යායාම. අනතුරුව ශරීරය සිසිල් කිරිමේ ව්‍යායාම් (ඇඟ උණුසුම් කිරීමේදී අපට අපේ නාඩි අල්ලා බලන්න පුළුවන් අපේ හෘද ස්පන්ධන වේගයේ අගය කීයද කියලා.) මීට අමතරව සිගරැට් පානය කරන අයෙක් නම් සිගරැට් බීම සම්පූර්නයෙන්ම අත්හල යුතුයි. මත් පැන් බොන අයේක නම් විශේෂයෙන්ම බියර් පානය කිඍීම කිසිසේත්ම සුදුසු නැහැ. ඒ වගේම මත් පැන් පානය නොකරන අය මත් පැන් පානය නොකරම සිටීම ඉතාමත්ම හොඳයි. නමුත් මත් පැන් වර්ග පානය කරන අයෙක් නම් දිනකට මිලිලීටර 50-100 ත් අතර ප්‍රමාණයක් පානය කලාට වරදක් නැහැ. මේ ප්‍රමාණය නොඉක්මවා මත්පැන් පානය කිරීමට වගබලා ගත යුතුයි. ව්‍යායාම් සහ කෑම වලින් පරිස්සම් වෙලා සිටීම තමයි දියවැඩියා රෝගියෙක් දින චර්යාවේ ඇතිකරගත යුතු වෙනස් කම් ලෙස සලකන්න පුළුවන්. තමාට දියවැඩියාව කියලා කළ කිරිමෙන් ඉන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍යවරු ලබාදෙන පෙති හා වෛද්‍ය උපදෙස් නියමාකාරයට පිළිපදිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන් ඕනම රෝගියෙක්ට අවස්ථාව තිඛෙනවා.

දියවැඩියාව නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ .. ? 

දියවැඩියාව නිසා ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇස් අමාරුව ස්නායු දුර්වලතා ලිංගික දුර්වලතා හෘදයාබාධ අංශ බාගය කකුල් නරක්වීම අත්පා හන්දි වල ඇති වෙන අපහසුතා.

දියවැඩියා රෝගය සම්පූර්ණයේන සුවකල හැකිද..?

ඇත්තෙන්ම දියවැඩියාව රෝගය කිසිම රටක සම්පූර්ණයෙන් සුවකල නොහැකියි. රෝගය යම්තාක්දුරට පාලනය කරගත හැකියි. ශරීරයේ ඇති සීනි ප්‍රමාණය අඩුකරගෙන අතුරු ආබාධ වලින් වැලකී සිටීමට පුළුවන්.
දියවැඩියා රෝගියෙක්ට දියහැකි මූලිකම අවවාදය කුමක්ද?

දියවැඩියා රෝගයේදී පෙති වර්ග වලින් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීමට නොහැකි වෙනවා. ඉතින් එවැනි අවස්ථාවල දිනකට දෙවරක් හෝ හතර වරක් රෝගියාට ඉන්ජෙක්ෂන් ලබාෙ දෙන්න වෙනාව. බොහෝ රෝගීන් අද මේ අවස්ථාවට බයවෙලා තියෙනවා. ඉන්ජෙක්ෂන් ලබාදෙන්නේ මරණයට කිට්ටු වුනාම කියලා. බොහෝ දෙනෙක් සිතනවා. ඇත්තටම කිසිම බියක් සිතේ රදවා ගැනීමට අවශ්‍ය නැහැ. මේ ඉන්ජෙක්ෂන් ලබාදීමේන වෙන්නේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පහළ යාම පමණයි. ඒ වගේම දියවැඩියාව පාලනය කළ හැකි ප්‍රබල ඖෂධ වර්ග ලෝකයේ තිඛෙනවා. මේ අතුරින් ශී්‍ර ලංකාවේ ඇති ඖෂධ වලින් දියවැඩියාව සම්බන්ධයෙන් පෙති වර්ග දෙකයි තියෙන්නේ. මේවා පාවිච්චි කිරීමෙන් රුධිරයේ ඇති සීනි අඩුකරල දියවැඩියාව පාලනය කරනවා. ඉතින් අවසාන වශයෙන් මට රෝගීන්ට උපදෙස් දෙන්නෙ කිසිම බියක් සැකක් නැතිව මේ ඖෂධ වර්ග පාවිච්චි කරලා රෝගය පාලනය කර ගන්න කියලා. ඒ වගේම දියවැඩියාව රෝගය සම්පූර්ණයෙන්ම සුවකල නොහැකිය .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *