ඔබේ මුවෙන් අප්‍රසන්න දුඟදක් එනවාද …?

කට තිබුන පලියට කතා කරන්න එපා කියලා සමහරු කියනවා. ඒත් කතා කරන්ට කට තිබුනත් කතා කරගන්න බැරිනම් ඒකත් අපරාධයක් නේද… කට තියනවානම් කතා කරන්න මොකද බැරි ..?

කෙනෙක්ට එහෙම හිතේවි. එත් කතා කරනකොට මගේ වටේ ඉන්න අය මාව පිළිකුල් කලොත් මාව සමච්චල් කලොත් මම මොකද කරන්නේ. ඇයි එහෙම කරන්නේ. කතා කරන්න කාගෙන් තහනමක්ද..? මේ දෙබස කියවනකොට ඔබට මොනවද හිතෙන්නේ. පොඩ්ඩක් විතර කාරණාව අපහැදිලි ඇති නේද. ඉන්න මම පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම අද සමාජයේ කතා කරන්න බොහෝ දේ ඇතත් නිෂ්ශබ්දව සිටින අයත් බොහෝමයක් ඉන්නවා. කතා කරන්න බැරි හේතුව තමයි මුඛයේ දුර්ගන්ධයක් නිකුත්වීම. අද මේ තත්වය බොහෝ දෙනාගේ පිළිකුලට වගේම සමච්චලයටත් පත් වෙලා. මෙනන් මේ නිසාම අපි මුඛ දුර්ගන්ධය ගැන කතා කරන්න හිතුවා. ප්‍රධාන වශයෙන්ම මුඛ දුර්ගන්ධය ඇතිවීමට හේතුව ලෙස වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ මුඛයේ ඇති අපිරිසිදුකම. ආහාර ගැනීමෙන් පසු දත් අතර ඉතිරිවන කුඩා ආහාර කැබලි නිසා මුඛයේ දුර්ගන්ධයක් ඇතිවෙන්න පුළුවන්. මීට අමතරව මුඛයේ නරක් වෙච්ච හෝ දිරාගිය දතක් ඇතිවීම නිසාත් පෙනහළුවලට ඇතිවන රෝගරැි තත්වයක් නිසාත් ආහාර මාර්ගයේ රෝගී තත්ව නිසාත් මුඛ දුර්ගන්ධය ඇතිවිය හැකි බව වෛද්‍යවරු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා. අපේ අය දත් මැදීම සිදු කරන්නේ උදේ අවදි වීමත් සමගමයි. ඒත් නියමාකාරයට ගත්තොත් අපි දත් මැදලා දත් පිරිසිදු කරන්න ඕනේ උදේ ආහාරයෙන් පසු අනිවාර්යයෙන්ම ආහාර ගැනීමෙන් පසු දත්මැද දත් පිරිසිදු කරගැනීම මුඛ දුර්ගන්ධය වැලැක්වීමට ගත හැකි හොඳම ප්‍රතිකාර ක්‍රමය ලෙස සඳහන් කරන්න පුළුවන්. එසේ සෑම කෑම වේලකට අනතුරුවම දත් මදින්න අපහසුකම් අඩුම තරමේ උණු වතුර කෝප්පයකට ලූණු ටිකක් කලවම් කර කට සෝදා ගැනීම මගින් මුඛ දුර්ගන්ධය වලක්වා ගත හැකියි.


මෙන්න මේ කාරණාවන් ඉතාමත්ම වැදගත්. ගොඩාක් වෙලාවට මුඛ දුර්ගන්ධ ඇතිවීමට දරුවන් කුඩා කාලයේ කරන කි්‍රයාකාරකම් බලපානවා. සමහර මව්වරුන් රාති්‍රයට දරුවාට කිරිපොවමින් නිදි කරවනවා. එහෙම නැත්නම් සූප්පුවකට කිරි එකක් ගහලා හරි දරුවට බොන්න දීලා දරුවව නිදි කරවනවා. ඇත්තෙන්ම එය ඉතාමත් අහිතකරයි. විශේෂයෙන්ම එසේ දරුවා කිරි බී නිදාගත් විට රාති්‍රයේ සිට එලිවන තෙක්ම දරුවාගේ මුඛයතුල කිරි තිඛෙනවා. එම කිරි මුඛය තුල බැක්ටීරියා සමග ආසාධනය වී දරුවාගේ මුවින් දුඟඳක් එන්න පුළුවන. එම නිසා කුඩා දරුවෙක්ට රාති්‍රයේ කිරි දෙනවානම් අනිවාර්යයෙන්ම කට සෝදා නින්දට යැවීමට සැලැස්වීම ඉතාමත් වැදගත්. නැත්නම් අනාගතයේදී ඔබේ දරුවත් මේ අප්‍රසන්න තත්වයට පත්විමට ඉඩ තිඛෙනවා.

ඒ වගේම විදුරුමස් දියවීම නිසාත් මුඛ දුර්ගන්ධය ඇතිවිය හැකියි. මෙවැනි අය දිනපතාම මඳ රස්නය සහිත උණු වතුරට ලූණු දමා කට සේදීමට වග බලා ගත යුතුයි. මීට අමතරව මුඛ ආශි්‍රත රෝගයක් තිබේනම් ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. එසේම සෑම අවුරුද්දකට වරක්ම දන්ත වෛද්‍යවරයෙක් ලබා දත් පරීක‍ෂා කරගැනීම මගින් මුඛ දුර්ගන්ධය ඇති නොවන අතර මුඛයට ඉතාමත් හොඳ ආරක‍ෂාවක්ද සැලසෙනු ඇත. මෙම මුඛයෙන් දුඟදක් ඇතිවීම ඉතාමත් දරුණු ලෙස ඔබට බලපා ඇත්නම් ෆාමසියකින් මවුත් වොෂ් වර්ගයක් රැගෙන පාවිච්චි කළ හැකියි. මුවත් වොෂ් එක වතුරත් සමග කලවම් කර දිනපතා මුඛය සේදීම මගින් මේ තත්වය මගහරවා ගත හැකි බව පැහැදිලි ලෙසම කියන්න පුළුවන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *