සමේ සුන්දරකම රැකගැනීම සඳහා උපදෙස්..

සමේ නිරෝගිකම
සම නිරෝගීමත්ව තබාගන්නට නම් ප්‍රධානතම වහයෙන් බලපාන්නෙ ආහාර. මේ සඳහා හැම විටම සමබල ආහාරයක් ලබාගන්නට අවශ්‍ය වෙනවා. සම නිරෝගී වෙන්නට නම් අපේ ශරීරය තුළ ප්‍රෝටීන්, මේද, ඛණිජ ලවන හා විටමින් තිබිය යුතු වෙනවා. මේ සඳහා රතු කැකුළු බත්, ඉඳි ආප්ප, කිරි, බිත්තර, කඩල වැනි ආහාර සිරුරට ලබාදිය යුතුයි. පිට්ටු වල කාබෝහයිඩ්‍රේට් අඩංගුයි. පොල් වල මේද ඇතුලත්, ඒ වගේම අළුත්ම පළතුරු වලින් සම නිරෝගිමත් කරගන්නත් පුළුවන්. එළවළු තෙල්, සලාද, අලිගැට පෙර, කහ සහ කොළ පැැහ එළවළු වලින් සමට අවශය ඒ සහ ඊ විටමින් ලැඛෙනවා. ඒ වගේම දිනකට වතුර වීදුරු අටක් වත් අවම වශයෙන් පාවිච්චි කිරීමෙන් සමතුල ඇති වියළි ගතිය දුරු කරගන්න පුළුවන්. ඒ වගේම ගෙදරදීම සම නිරෝගිමත් වන පාන වර්ගත් හදාගෙන පානය කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඛෙලිමල්, රණවරා වැනි ඇඟ සිසිල් කරන පාන මේ අතරේ විශේෂිත වෙනවා. මේ තුලින් නිතරම සමේ නිරෝගිතාවය රදා පවත්වා ගන්නට පුළුවන්කම ලැඛෙනවා.

සමේ සුන්දරකම සඳහා
සම සුන්දර කරගන්න තරුණියන් පමණක් නෙවෙයි සෑම අයෙක්ම උනන්දු විය යුතුයි. රූපය දෙස බලන කෙනෙකුට විශේෂයෙන්ම පේන්නෙ සම. ඒ සඳහා අප නිතරම පැහැපත් සමක් ඇති කරගත යුතුයි. කොරළ සහිත සමක් වියළි ගිය සමක් ඇත්තටම කෙනෙකුගේ රුවට එක් කරන්නේ අවලස්සනක්. සමේ සුන්දර කම කිව්වහම හැමවිටම සම පිරිසිදුවට තබාගත යුතු වෙනවා. ඒ සඳහා දිනපතාම නාන්නට ඕනෑ. සම මත ඉස්මතු වන මැරුණු සම දියනෑමේදී අතුල්ලා ඉවත්කළ යුතුයි. මැරුණු සම ඉවත්වීමමතින් තමයි සමේ දීප්තියක් නිරතුරුව ඇති වෙන්නෙ. සමේ දීප්තිය ඇතිකරගන්නට නම් සෑම විටම සම ගැන සැළකිලිමත් වියයුතු වෙනවා. සමස ඇතිල්ලීම ප්‍රධාන කරුණක්සේ සලකනවා නම් සම අතුල්ලා කුණු තෙල් ඉවත්කරන ක්‍රම තිඛෙනවා. ඒ සඳහා සුදුුසුම ක්‍රමය තමයි සමට සුව දැනෙන සම නොසීරන ස්පොන්ච් කැබැල්ලකින් සම ඇතිල්ලීම. මේ සඳහා අපට බොඩි බ්‍රෂ් එකක් වුනත් පාවිච්චියට ගන්න පුළුවන්. මේවා  වෙළඳසැල් වලින් අපට පහසුවෙන් ලබාගන්නනටත් පුළුවන්. මේ අතරම රූපලාවන්‍ය උපදෙස් මත මුුහණට, අත්වලට හා ඛෙල්ලට පැක් වර්ග දාන්නත් පුළුවන්.
එයිනුත් සමේ දීප්තිය ඇතිකරගන්න අපට පුළුවන්. මේ පැක් වර්ග අපට හුුඟක් වෙලාවට ගෙදරදීමත් හදාගන්න පුළුවන්. අලිගැට පෙර මදය, මීකිරි සමග එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන තලපයක් ආකාරයට සාදාගන්නත් පුළුවන්. පැක් එකක් කරනවානම් එය සතියකට වරක් කරගැනීම ඉතාමත් යෝග්‍යයි.
ඒ වගේම අපට වෙළඳ පොළෙනුත් පැක් වර්ග ලබාගන්න පුළුවන්. මේව මුුහණට පමණක් නොව මුළු සිරුරේම උවත් ගාගන්න පුළුවන්. මීට අමතරව මොයිස්චරයිස් කි්‍රම් හා ටෝනර් වර්ගත් තිඛෙනවා. මෙයින් සම දීප්තිමත් වෙලා සමේ පැහැය හා සුන්දරකම රැකගන්න අපට පුළුවන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *