සුන්දර කෙස් කළඹක් තවමත් ඔබට සිහිනයක්ද?

හිසකෙස් වලට කිසිම සත්කාරයක් නොකළ කාන්තාවක එම සත්කාරය කරන්නට ආරම්භ කළ යුත්තේ කොතැනකින්ද…?

හිසකෙස් වලට සාත්තුවක් කරන්නට පළමුව ඕනෑම කාන්තාවක් තම කෙස් වර්ගය ගැන අවබෝධයක් ඇතිකරගෙන තියෙන්න ඕනා. ඒ කියන්නේ කෙස් වර්ගය හඳුනාගෙන තියෙන්නේ ඕන. තමාගේ කෙස් මොන වර්ගයේද නොදැන සත්කාර කරන්නට යාමෙන් හිසකෙස් වලට හානිදායක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්.
හිසකෙස් වර්ග කරන්නේ කොහොමද?
තෙල් සහිත /අධික වියළි /සාමාන්‍ය වශයෙන් වර්ග කරන්න පුළුවන්.
සුන්දර කෙස් කළඹකට බාධා පමුණුවන හිසකෙස් ආශි්‍රත මූලිකම රෝග මොනවාද…?
ඉස්හොරි, උකුණන්, කෙස් හැලීම, අගිස් පැලීම, තඹ පැහැවීම, දුර්වර්ණ වීම, අකලට පැසීම, අධික වියළි ගතිය


ෂැම්පු වර්ග පාවිච්චියේදී අනිවාර්යයෙන්ම කාන්තාවක් විසින් සැළකිය යුතු කරුණු තියෙනවද…?
කලින් සඳහන් කළා වගේ කෙස් වර්ගය හඳුනාගෙන තමයි ෂැම්පු වර්ගයක් තෝරා ගන්න ඕනා. බොහෝ තරුණියන් හිතුමනාපෙට විවිධ ෂැම්පු වර්ග පාවිච්චි කරන්න හුරුවෙලා සිටිනවා. අද පාවිච්චි කරන එක නෙවෙයි හෙට. ඒක කෙස් වලට ඉතාම හානි කරයි. තමාගේ කෙස් වර්ගය අනුව එකම ෂැම්පු වර්ගයක් පාවිච්ිචි කරන්නට ඕනේ. මේ සඳහා වෛද්‍ය හා රූපලාවන්‍ය ආයතනයකින් උපදෙස් ලබා ගැනීමට හැකිනම් වඩාත් හොඳයි. ඒ වගේම, ෂැම්පූ දැමීමෙන් පසු හිසකෙස් මුල්වල හා හිස් කබලේ ෂැම්පූ රැඳී තිබීමෙන් අහිතකර තත්වයන් ඇති වෙන්න පුළුවන්. ෂැම්පු සමග කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීම හොඳයි කියන්නේ ඒ නිසයි. ඉතාමත් සිනිඳු කෙස් ඇති අයට ශාක සාර අඩංගු ෂැම්පු වර්ගය්ක හොඳයි බාල වයස් අයට බේබි ෂැම්පු වර්ගද, සාමාන්‍ය කෙස් ඇති අයට නෙල්ලි ගොටුකොළ අඩංගු ෂැම්බුද, වඩාත් දහදිය දමන අයට ඉරමුසු ෂැම්පුද ඉතාම හොඳයි. ඩයි වර්ග පාවිච්චි කරන අය බේබි ෂැම්පු තෝරා ගන්නට ඕනෙ. තව පීනස රෝගීන්ට ඉන්ඩිගෝ හර්බ් කියලා ෂැම්පු වර්ගයක් තියෙනවා.
කෘතිම සහ වෙළඳ නාමයන්ගෙන් යුත් ෂැම්පු වර්ගයක් පාව්ච්චි නොකර ඒ වෙනුවට නිවසේදීම සකසාගත හැකි හිසකෙස් ආලේපන කිහිපයක් ඔබට කියන්න පුළුවන්ද..?
බිත්තරයක සුදු මදය අරගෙන හොඳට පෙන නගිනතුරු ගසා ගන්න. ඉන්පසු එය හිතේ ගල්වා මිනිත්තු 15 පමණ සම්භාහනය (මසාජ්) කොට සෝදා හරින්න. මෙය කෙස් වලට හොඳ පෝෂණයක් ගෙන දෙන්නක්. මෙය සතියකට වරක් කිරීම සෑහෙනනවා. නෙල්ලි කොළ තම්බා හිස සේදීමෙන් හිසකෙස් වල දීප්තියක් ඇතිවෙනවා වගේම හිස් කබල ආශි්‍රත රෝග මර්ධනය වෙනවා. ගොටුකොළ කොටා මිරිකා එම ඉස්ම හිස ගැල්වීමෙන් මනා පෝෂණයක් ලද හැකියි. නමුත් මෙය පීනස් රෝග ඇති අයට නම් සුදුසු නැහැ. ඛෙහෙත් නෙල්ලි කොළ කොටා එළකිරි වලින් අනා හිස මතුපිට ආලේපනය කිරීම ශරීරයේ උෂ්ණ්‍ය නිසා හිසකෙස් ගැලවෙන අයට හොඳ ප්‍රතිකාරයක්. ගොඩපර ගෙඩිවල මදය ආලේප කිරීමත් හිසකෙස් ආශි්‍රත රෝග වලට හොඳයි මේ සියල්ලම ෂැම්පු වලට ආදේශක වශයෙන් අපට පහසුවෙන්ම යොදා ගත හැකියි.


හිසකෙස් සම්බන්ධව බරපතලම ප්‍රශ්නයක් තමයි ඉස්හොරි. මේ තත්වය නිට්ටාවටම සුවකර ගත හැකිද… හැකිනම්  ඒ කෙසේද.. ඉස්හොරි කියන්නේ මොනවද…?
ඉස්හොරි සුව කර ගන්න පුළුවන්. නමුත් ඒ නිට්ටාවටම කියලා කියන්න බැහැ. මොකද ඉස්හොරි කලින් කලට ඇතිවෙන්න පුළුවන් තත්වයක්. මෙය බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙලා. හිස මතුපිට සෑදෙන සමහර අවස්ථාවල ඇති බැම, මුහුණ ආදී තැන්වලත් ඇතිවෙන්න පුළුවන්. මෙය තව දුරටත් වර්ධනය වුනොත් කිහිලි හා පිරිමියෙකුගේ නම් පපුවේ පවා ඇති වෙනවා. මෙම තත්වය ශරීරයේ රෝම කූප ආශි්‍රතව ඇතිවන්නක්. සමේ අපචර්මය නම් කොටසේ ප්‍රධාන කි්‍රයාවලියේ කෙරටීන් ස්ථරය හා බැෙඳන්නක්. දිරා යන සහ අකි්‍රය වන ෙසෙල අපට නොදැනීම කෙරටීන් ස්ථරය හා එක් වෙනවා. සාමාන්‍යයෙන් දින 28 කට වරක් මෙම ෙසෙල අකි්‍රය වෙලා යනවා. අකි්‍රය වූ ෙසෙල වෙනුවට අපචර්මය නැවවත අලූත් ෙසෙල වලින් නිර්මාණය විය යුතුයි.

අලූත් ෙසෙල වැඩිමට ඉඩ සැලසීම සඳහා මැරුණු අකි්‍රය පොතු වශයෙන් ගැලවී යන්නට පටන් ගන්නවා. එය සාමාන්‍ය කි්‍රයාවලියක් වුවත් හිසකෙස් හා රෝම සහිත ස්ථාන පිරිසිදු බවින් තොර වුවොත් දිලීර හා බැක්ටීරියා මිශ්‍ර වී ආසාදන ඇති කරන්න පුළුවන්. කෙස් ගස මුල ඉතිරිවන කෙරටීන් ස්ථරයේ කොටස් සමේ පවතින ස්නේහශ්‍රාවී ග්‍රන්ථීන්ගෙන් නිකුත්වන තෙල් සහිත බව හා එක්වීමෙන් රෝම කූප මුල පොතු ආකාරයෙන් ගැලවී යාම තමයි අපි ඉස්හොරි වශයෙන් හඳුන්වන්නේ. තමන් පාවිච්චි කරන පනා, බුරුසු, තුවා, කොට්ට උර ආදිය නිතර සෝදන්නට ඕනා. ඒවා කලින් කලට ඩෙටෝල් වතුරින් සෝදා පිරිසදු කර ගැනීමෙන් ඉස්හොරි පැතිරීම වලක්වා ගන්නට පුළුවන්. ඒ වගේම ඉස්හොරි සෑදුන කෙනෙක් ප්‍රතිකර්ම ස,හා යොමු වෙන්නට ඕනෙ. කොහොඹ ෂැම්පු වලින් හිස සේදීම හොඳයි ජැනට් නිෂ්පාදන වල මේ සඳහාම කොහොඹ ෂැම්පු තිඛෙනවා. එය පාවිච්චි කරන හැටි මම සැකෙවින් කියන්නම්. පළමු සතියේ පිළිවෙලින් දින 3 ක්  කොහොඹ ෂැම්පු ගල්වා හොඳින් පිරිමැද සෝදා හරින්න. හිසකෙස් වේලීමෙන් පසුව චයිනීස් හිබිස්කස් (Chinees Hibiscus) නම් තෙල් අලේප කරන්න. ඉන්පසු සතියකට දෙවරක් බැගින් එසේ කරන්න.

ඉස්හොරි ඇති කෙනෙකුගෙන් හිස් හොරි නැති කෙනෙකුට බො ්විය හැකිද…?
ඉස්හොරි වැඩීමට සුදුසු වාතාවරණයක් නොපවතින හිසක තවත් අයෙකුගෙන් ඉස්හොරි බෝවීමට ඉඩක් නැහ. නමුත් ඉස්හොරි ඇති වීමට සුදුසු මට්ටමේ ඒ කියන්නේ පවිත්‍රතාවයෙන් මදස බවක් දක්වන හිසක ඉස්හොරි බෝවීමේ හැකියාව තිඛෙනවා. ඉස්හොරි කරදරයෙන් මිදී සිටීමට නම් හිස නිතර පිරසිිදුව තබා ගැනීම අවශ්‍යම වෙනවා.
ඉස්හොරි වැළඳුන කෙනෙකුට  සඳහන් කළ ප්‍රතිකර්ම වලට අමතරව නිවසේදීම සාදාගත හැකි ආලේපන තියෙනවද..?
දෙහි ගැට හා උළුහාල් එකට තම්බා නිවාගන්න. එය හොඳට පොඩිකර සාදාගන්නා මිශ්‍රනය ගල්වා හිස සෝදන්න. මෙය හොඳ ප්‍රතිකාර්මයක්. වෙරළු කොළ කොටා එම සාරය හිසේ අලේප කොට මිනිත්තු 10 කින් පමණ සෝදා හරින්න. නමුත් මෙය නිතර නිතර කිරීම සුදුසු නොවේ. මන්ද කෙස් වල වියළි බවක් ඇති වීමට ඉඩ ඇති බැවින්. කොහොඹ කොළ අඹරා එය තලපයක් සේ සාදාගෙන හිස මතුපිට තවරා මිනිත්තු 20කින් පමණ සෝදා හරින්න. මෙය හිස මතුපිට කැසීම වලකන්නටත් කෙස් වල දීප්තිය ඇති කරන්නටත් හේතු වෙනවා.

තවත් ගැටළුවක් තමයි උකුණකන් බෝ වීම. ඊට විසදුමක් ..
මෙයත් කරදරකාරී ගැටළුවක් තමයි. නමුත් උකුණන් වඳ කර ගැනීම එතරම්ම අපහසු නැහැ. උකුණන් ඇති වන්නේ හිසේ ඇතිවන අපවිත්‍ර බව නිසයි. නිතර දුහුවිලි, කුණු හිස් කබලේ රැඳීම නිසා හිසකේ අපවිත්‍ර වී උකුණන් බෝ වීමට පටන් ගන්නවා. පවුලේ එක් සාමාජිකයෙකුගේ හෝ උකුණන් බො ්වුවහොත් සෙසු අයටත් බෝ වෙන්න පුළුවන් නමුත් නිතර පිරිසිදුව තිඛෙන හිසක නම් උකුණන් බෝවෙන්නට ඉඩක් නැහැ. පළමුවෙන්ම පවුලේ හැමෝම උකුණන් වඳ කර ගන්න ඕනා. ඒ සඳහා ෆාමසි වලින් ලබා ගත හැකි (lotion) දියර වර්ග තිඛෙනවා.නමුත් මේ හැම එක්කම හිතකරයි කියන්න බැහැ. මොකද උකුණන් වඳ වුණත් හිසකෙස් වලට අනතුරු ඇති කරන්න පුළුවන්. වෙළෙඳ පොලේ බාල වර්ගයේ ඛෙහෙත් වර්ග විකුණනවා. අවධාරණයෙන් කියන්නට ඕන. ඒවාට නම් හසුවෙන්න එපා. හිසකෙස් හෝ හිස් කබලට හානිකර නොවන විශ්වාසදායි ආලේපනයක් තිඛෙනවා. නීම් මිල්ක් :භැැප ඵසකන- නමින් ඒක ශාක සාරමය ආලේපනයක්. එයින් ස්වල්පයක් ගෙන හිස් කබලේ තවරා මිනිත්තු 14 ක් පමණ හොඳින් සම්භාහනය (මසාජ්) කරන්නට ඕනා. මේ ආලේපනයෙන් උකුණන් මත් වෙන්නට පටන් ගන්නවා. ඉන්පසුව උකුණන් වැටෙනවා. සිහින් දැති සහිත පනාවකින් පීරිමෙන් මත්වුණ උකුණන් ඉවත්කර ගත හැකියි. නීම් මිල්ක් වලින් ඔබට උකුණු කරදරයෙන් මිදෙන්නට පුළුවන්. කොහොම නමුත් හිස පිරිසිදුව තබාගැනීමයි වඩාත් වැදගත් වන්නේ.
හිසකෙස් අවර්ණ (දුර්වර්ණ) ගැන්වීම, හිසකේ අගිස් පැලීම හෝ තරුණ වයසේදීම හිසකේ සුදු පැහැගැන්වීම බොහෝ කාන්තාවන්ට තිඛෙන ප්‍රශ්නයක්. ඊට ප්‍රතිකර්මයක් වශයෙන් ඇතැම් කාන්තාවන් ගොඩ වෙදකම් වලට යොමු වෙනවා. නොමැතිනම් වර්ණ ගන්වනවා. මේ තත්වයන් ගැන  අදහස
හිසකෙස් සම්බන්ධ ගැටළු වලට මූලිකම හේතුවක් තමයි පෝෂණ ඌණතාවය. හිසකෙස් වලට බාහිර පෝෂනය ලබා දෙනවා වගේම අභ්‍යන්තර පෝෂණයක් ලබා දෙන්නට ඕන. පළමුවෙන්ම මම බාහිර සාත්තුන් ගැන සදහන් කරන්නම්. පිළිවෙලින් මේ ආකාරයට ……..

හිසකෙස් දුර්වර්ණ වීම.
මේ තත්වය ඇතිවන්ට ප්‍රබල හේතුවක් නිතර නිතර අව්වේ ගමන් කිරීම. හිසට යම් ආවරණයක් නැතිව අව්වේ යාමෙන් හිසකෙස් දුර්වර්ණ වීමට පටන් ගන්නවා. එවිට දීප්තියක් නොමැතිකම නිසා හිසකෙස් වල කිසිම සුන්දරත්වයක් නැතුව යනවා. කිරි කියන්නේ තෙල් සහිත ආලේපනයක්. සතියකට වරක් හෝ දෙවරක් කිරි ආලේප කිරීමෙන් දුර්වර්ණ වූ හිසකෙස්වල දීප්තියක් ඇතිකර ගත හැකියි. නිතර නිතර හෙල්මට් පැළඳීමත් හිසකෙස් දුර්වර්ණ වීමට හේතුවක්. හෙල්මට් රත්වීමේදී හිසකේ වලටත් එය බලපානවා. ඒ නිසා හෙල්මට් පළඳින අය ලැවැන්ඩ්රා ඇලෝ හෙයාර් ජෙල් එක ආලේප කර හෙල්මට් පළදින්න. එම තත්වය සමනය කර ගත හැකියි.


හිසකේ අගිස් පැලීම
අධික වියළි බව ඇතිවූ විට මේ තත්වය ඇතිවෙනවා. කලින් සඳහන් කළ පරිදි හිස නිරාවරණව අව්වේ ගමන් කිරීමත්, විවිධ සබන් වර්ග, ෂැම්පු වර්ග පාවිච්චියත්, තෙල් සාත්තුවක් නොමැති කමත් හිසකේ අගිස් පැලීමට හේතුවන කරුණු. සබන් වල තියෙන කොස්ටික් සෝඩා හිසකේ වලට බොහෝ සෙයින් අහිතකරයි. මේ නිසාම ෂැම්පු වර්ග, සබන් වර්ග තෝරා ගැනීමේදී අප කල්පනා කාරී වන්නට ඕනා. ඒ නිසයි කලින්  කෙස් වර්ග කිරීමක් ගැන කතා කළේ. හිසකෙස් අගිස් පැලූන අය, බේබි ෂැම්පු වර්ගයක් පාව්ච්චි කරන්න. ෂැම්පු පාවිච්චි කිරීමෙන් පසු හොඳින් හිසකේ සෝදන්නට වග බලා ගන්න. පැලූන කෙස් අගිස් කපා හරින්න. (මාසයකට වරක් කෙස් වල අගිස් කපා හැරීමෙන් මේ තත්වය වලකා ගත හැකියි)

හිසකෙස් අකලට පැසීම (සුදු පැහැ ගැන්වීම)
හිසකෙස් වලට වුවමනා තරමට පෝෂණය නොලැබීමත් (විටමින් ඌණතා) පීනස් රෝගී තත්ව ඇතිවීමත්, පරම්පරාගතවත් හිසකෙස් අකලට පැසෙන්න පටන් ගන්නවා. මේ තත්වයේන මිදෙන්නට නම් පෝෂ්‍යදායි ආහාර ලබාගත යුතු වගේම පීනස් රෝග වලට ප්‍රතිකාර ගත යුතුයි. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරියන් සිටිනවා. වර්ණගැන්වීම (ඩයිකිරීම) ගැන කතා කිරීමේදී පළමුවෙන් මේ උපදෙස් දෙන්න ඕනේ. හිසකෙස් වර්ණ ගන්වන්නට (ඩයි) පෙර රූපලාවන්‍ය ආයතනයකට ගොස් තම කෙස් පරීක‍ෂා කරවා ගන්නට ඕන. එම කෙස්වල තත්වයත් ඒ කියන්නේ වර්ගයත් අනුවයි වර්ණ ගැන්වීම් කරන්නේ. ඒ සඳහා පරීක‍ෂණයක් තිඛෙනවා. ඒකට කියන්නේ පැච් ටෙස්ට් (Pach Test) කියලා. කණේ පිටුපස කෙස් රොදක් ගෙන වර්ණ ආලේප කරනවා. කැසීමක්, ඇස් දැවිල්ලක් හෝ ඉදිමුමක් නොමැති නම් එම වර්ණ ගැන්වීම ඇයට සුදුසු යැයි තීරණය කෙරනවා. හිතුමනාපයට කොණ්ඩය වර්ණ ගැන්වීම සුදුසු නැහැ. වර්ණ ගැන්වීමට (ඩයි කිරීමට) පෙර හිසකේ වල තෙල් සහිත බව ඉවත් කළ යුතුයි. දින 3 ක් ස්නානය නොකොට ටියුබ් (ඩයි) එකේ ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයි. වර්ණ කිඍිමෙන් පසුව නෙල්ලි කොටුකොළ අඩංගු ෂැම්පු වර්ගයකින් හිසකෙස් සෝදා හරිනන්. ඇසිඩ් රහිත කන්ඩිෂනර් පාවිච්චි කරන්න. විටමින් ඊ අඩංගු පර්මින් ලෝෂන් ආලේප කිරීමත් මේ අය සඳහා ගොඩාක් හොඳයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *