මට ඕන කලේ කිවිඳියක්, නව කතා කාරියක් වෙන්න.. තරුෂි නවංජනා

ඔබ ගැන විස්තර කියනවනම් .. මම නමින් තරුෂි නවංජනා ලියනාච්චි. ගම් ප්‍රදේශය ඇල්පිටිය දැනට පදිංචිය නුගේගොඩ. වෙබ් මාධ්‍යවේදිනියක් ලෙස ලේඛනය හා සංස්කරණ කටයුතු කරනවා. ඒ අතරෙ කලා  ෙක‍ෂ්ත්‍රයේ කටයුතු වලට සහභාගි වෙනවා ඒක මගේ විනෝදාංශය..මම බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ ආදි ශිෂ්‍යාවක්.  කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරලා තිබෙනවා..

නිරූපණ ෙක‍ෂ්ත්‍රයේ පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද? කුඩා කළ එවැනි සිහිනයක් තිබුණෙ නැහැ. මට ඕන කලේ කිවිඳියක්, නව කතා කාරියක් වෙන්න.. ඒත් මම ඒ කාලේ ඉඳන් Photos වලට පෙනී සිටින්න කැමතියි. කාලයත් එක්ක ඒක උණක් බවට පත්වුණා.

දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට මාස 8ක් විතර.

ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? විශේෂයක් නැහැ. හැබැයි Art එකක් තියෙන්න ඕන.

ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ? ඔව් මම ස්වයං හැදෑරීමක් සිදුකරනවා . ඒ වගේම හැඟීම් හා ඉරියව් පිළිබඳ සැළකියයුතු අවධානයක් යොමුකරනවා.

රංගනයට අරාධනා කලොත් ? හොඳ නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වීම මාගේ සිහිනයක්. ඒ නිසාම මම මේ දවස්වල වේදිකා නාට්යණක් පුහුණුවීම් කටයුතුවල යෙදෙනවා.

දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ?  මම photoshoot හා කෙටි චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා තිබෙනවා.

ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. මම කියන්නෙ අවංකව හෘද සාක්ෂියට එකඟව හැදෑරීමක් සහිතව තමන්ගෙ අරමුණට යන්න කියල. තමන්ගෙ සීමාව තියාගෙන ස්වාධීනව තීරණ ගන්න. එතකොට තමන්ව වැළක්වීමට හෝ අයුතු බලපෑම් කිරීමට කාටවත් බෑ .

ඔබගෙ අනාගත ඉලක්කයන්. කලාවට හා මාධ්‍ය  ෙක‍ෂ්ත්‍රයට සම්බන්ධව සේවය කිරීම මගේ බලාපොරොත්තුව.. ඊට අමතරව වැඩි දුර අධ්‍යාපන කටයුතු ලෙස ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට බලාපොරොත්තු වෙනවා ලබන වසරේ සිට. නිරූපණ  ෙක‍ෂ්ත්‍රයේ කටයුතුත් ඒ අතරේ සිදුකරන්නයි අදහස.

ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත්.
‘තරුෂි නවංජනා ලියනාච්චි’ යන ෆේසබුක් ගිණුමට හෝ tharushinawanjana8@gmail.com විද්යු ත් තැපෑලට පණිවුඩයක් තැබීම මඟින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *