රූමත් බව ලබා ගැනිමේ රහස් භාවනාව

අප කවුරුත් ලස්සන වෙන්නයි කැමතියි. මුලූ සමාජයම ලස්සන අගයන නිසායි ඒ. ඉතින් මේ ලස්සන යන්නෙන් අපි අදහස් කරන්නේ කුමක්ද.. කෙනෙකුගේ ලස්සන මැනිය හැක්කේ කෙසේද.. සැබෑ ලස්සන කෙනෙකු වීමට අප ගතයුතු පියවර මොනවාද යන්නයි අපි සාකච්ඡා කරනුයේ. කෙනෙකුට ස්වභාවයෙන්ම ලැබුණු මනා රූ සපුවක් තිබීම වාසනාවක්. ඒත් අපි හැමෝම අංග සම්පූර්ණ නැහැ. ඉතින් අපේ ශරීරයේ අඩුපාඩු හඳුනාගෙන ඒවා මකා ගැනීමට පිළියම් යෙදීමයි කළ යුතු, ලෝ කීර්තිමත් නිළියන්, නිරූපිකාවන් අංග සම්පූර්ණ රූ සපුවකින් යුක්තවූවන් ලෙස අපට බැලු බැල්මට පෙනී ගියත් සත්‍ය එය නොවෙයි. ඔවුන් රූමතියන්ව ඇත්තේ තමාගේ අඩුපාඩුකම් අති දක‍ෂ ලෙසින් අකා මකා ගැනීමට නිසි පිළියම් යෙදීමේ උපක්‍රම දන්නා නිසයි. අද කාන්තාවකට රූමත් වීමේ දහසක් ක්‍රම තිබේ. රූපලාවන්‍ය ආයතන, රුව රැකීමේ ආලේපන, විවිධ මෝස්තර වලට මසා නිම කළ ඇඳුම්, පැළඳුම් මින් සමහරකි. එහෙත් මේ බාහිර අලංකාරය පමණක් ලස්සන ලෙසින් කෙනෙකු හැඳින්වූවොත් එය ඉතා සාවද්‍ය ප්‍රකාශනයක්. ගතින් මෙන්ම හිතින්ද ලස්සන වීම තමයි නියම රූමතියක වීමේ රහස.
පුරාණයේ මෙන් නොව, නූතන වනිතාව සමාජයේ වගකිව යුතු නිලතල දරමින්, පිරිමින් හා උරෙනුර ගැටී රටේ අභිවෘද්ධිය උදෙසා දායක වෙයි. මේ නිසා සමාජයට සාර්ථකව මුහුණ දීම සඳහා ඇය යම් යම් දේ උගත යුතුයි. සමාජයේ පිළිගැනීමට ලක් වීමට නම් ඇය පිරිසිදු බව, නිරෝගී බව, තම සිරුරට හා අවස්ථාවට අනුව ඇඳුම් පැළඳුම් තෝරාගෙන ඇඳීම, තැනට සුදුසු ලෙස හැසිරීම වැනි ගුණාංග මනාව උගත යුතුය. අපිරිසිදු අපිළිවෙළට සැරසුනු අසංවර තැනැත්තියක් අගය කරන්නෝ කවරහුද.. කෙතරම් දක‍ෂ හෝ උගත් වූවත් මේ ගුණාංග නොසපිරෙන තැන ඇය සමාජයෙන් නිරායාසයෙන්ම කොන් වෙනු ලබයි. නමුත් තමුන්ගේ දුර්වලකම මුලින්ම පිළිගතහොත් පමණි. එය සකසා ගැනීමට පියවර ගත හැක්කේ. පිළිවෙලකට සැරසීමේදී බාහිර හැඩය ගැන පමණක් නොව අප කථාකරන විට කටහඩ හැසිරවීම, අතපය චලනය කරන ආකාරය, අපේ ඉගි බිගිය පවා සැලකීමට භාජනය කළ යුතුය. මේවා ගැන, මෙවැනි ලිපි වලින් මෙන්ම අනුන් පිළිබඳව විමසිලිමත්ව සිටීමෙන්ද උගත හැකියි. එසේ වුවද උත්සාහ ගතහොත් සියලූ දෙනාටම සුන්දර අයෙකු වීම ඉතා ලෙහෙසි පහසු කරුණකි. රුව රැක ගැනීම පිළිබඳ පාඨමාලාද අද බහුල අතර මේවා හැදෑරීමද ඔබ බලාපොරොත්තු වන ඉලක්ක කර ායාම පහසු කරවයි. තම රුව රැක ගැනීමට වයස බලපාන්නේ නැහැ. තමා රැකියාවක් කලත් නොකළත් කුමන වයසක සිටියත් කුමන සමාජ මට්ටමක හිටියත් මෙහි එන කරුණු හැදෑරීමෙන් ඔබටත් පහසුවෙන්ම රූමතියක් විය හැකියි.

ලස්සන රඳා පවතින්නේ හමේ ගැඹුරට බව කෙනෙකු කීවොත් එය කොතරම් වැරදි අදහසක්දැයි එබට වැටහෙනු ඇත. මතුපිටින් ලස්සන වීමට නම් සිරුර ඇතුලත නිරෝගී භාවය පිළිබඳවත් ජිවිතය පිළිබඳව් යහපත් ආකල්ප ඇති කර ගැනීමක් අත්‍යවශයයි. රූමතියන් වීමේ පළමු පියවර පටන් ගත යුත්තේ අප සිරුර තුළට ඇතුලත් කර ගන්නා ආහාරපාන පිළිබඳව සැලකිලිමත් වීමෙනි. එහෙයින් පළමුවෙන්ම අපි සාකච්ඡා කරමු ආහාර පාන හා පෝෂණය පිළිබඳව..
නිරෝගී බවේ අඩිතාලම ආහාරයයි.. – ජීවත්වන සියලූ දෙනාටම අවැසි දෙයකි ආහාර. එසේම රුව රැකීමට හෝ මැකීමටත් අප රෝගී හෝ නිරෝගී කිරීමටත් අප ගන්නා ආහාර වලට ඇත්තේ පුදුම හැකියාවක්. අප ආහාර ගත යුත්තේ අපගේ වයසට, උසට සහ සිරුරේ ප්‍රමාණයට ගැලපෙන පරිදිය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *