Model – Tharushi Akasha

01. ඔබ ගැන විස්තර කියනවනම් ..  මම තරුෂි ආකාශා.වයස 24.දැනට නිරුපණ කේෂ්ත්‍රයේ නියලෙනවා.

02. නිරූපණ ෙක‍ෂ්ත්‍රයේ පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද?  පාසැල් යන කාලයේ මට නිරුපනය සදහා අවස්ථාව ලැබුනා..එක අහඹු දෙයක් නෙවෙයි..මගේ ජීවිතේ මගේ දෛවයේ තිබුන වාසනාවක් කියල මම හිතනවා..

03. දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට මම අවුරුදු කීපයක සිට නිරුපණ කේෂ්ත්‍රයේ නියලෙනවා..

04. ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? සරල චාම් අර්ථවත් නිරුපනයකට පමණයි මම කැමැති. විශේෂයෙන් මම ඇදුම ගැන හිතනවා..හොට් ශුට් කොහොමත් මම කරන්නේ නෑ..මගේ චරිතයට හානියක් නොවන හොද නිරුපන නිර්මාන වලට මම කැමැතියි.

05. ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ? ඇත්තම කිව්වොත් මම කාවවත් අබිබවා යන්න උවමනාවක් නෑ..මට සරල සාමාන්‍ය විදියට මගේ ගමන යන්න තිබුනාම ඇති..ඔව්..මම නිරුපනය ගැන අධයනය කරනවා..විශේෂයෙන් ඒ පිලිබදව විශේෂ අන්තර්ජල වැඩසටහන් බලනවා..

06. රංගනයට අරාධනා කලොත් ? රංගනයට ආරධනා ලැබෙනවා..නමුත් තාම මම ඒ ගැන හිතලා නෑ..හොද අධයක්ෂවරයෙක් සහ හොද පිටපතක් සමග සුරක්ෂිතව නිර්මානයකට දායක වෙන්න ලැබුනොත් ඒ ගැන හිතලා බලනවා..කොහොම උනත් මම තනි තිරන ගන්නේ නෑ..

07. දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ? තවම මම නිරුපන කටයුතු වලට පමණයි දායක වෙලා තියෙන්නේ..

08. ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. මේ කේෂ්ත්‍රයට එන කෙනෙක්ට කියන්න තියෙන එකම දේ සල්ලි සහ ජනප්‍රියත්වය වෙනුවෙන් තමන්ට ලැබුන ජීවිතේ වැරදී විදියට භාවිතා කරන්න එපා කියන එකත්..යමක් කරනකොට හොදට හිතලා බලලා යම් ගුණාත්මක ප්‍රමිතියක් ඇතිව කරන්න කියන එක තමයි

09 ඔබගෙ අනාගත ඉලක්කයන්. අනාගත ඉලක්කය..මම දැන් හොද දුවක්..හොද පෙම්වතියක්..ඉස්සරහට හොද බිරිදක් අම්මා කෙනෙක් වීම තමයි..කෙල්ලෙක්ට ඊට වඩා වටින දෙයක් නෑ..

10. ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත් .. දුරකථන අංකය නම් ලබාදීමේ හැකියාවක් නෑ.මොකද එක අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට හෙතුවක්.. “Tharushi Akasha” යන ෆෙස්බුක් ගිණුමෙන් මාව සම්බන්ද කර ගන්න පුලුවන්.

Sharing is caring!

One thought on “Model – Tharushi Akasha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *