Model – Tharu Disanayake

01. ඔබ ගැන විස්තර කියනවනම් ..  මගේ නම තරු දිසානායක ඉන්නෙ මිනුවන්ගොඩ, පුද්ගලික ආයතනයක රැකියාව කරන අතරතුර නිරූපණ කටයුතු වල යෙදෙනවා.

02. නිරූපණ ෙක‍ෂ්ත්‍රයේ පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද?  නිරූපණයට එන්නෙ අහම්ඛෙන් මට අවස්ථාවක් ලැඛෙනවා  ෆැෂන් ෂෝ එකකට සහභාගි වෙන්න, ඊට පස්සෙ තමා නිරූපණයට දිගටම යොමු වෙන්නෙ.

03. දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට අවුරුදු හතරක්

04. ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? මට ගැළපෙන ඔනෑම නිර්මාණයකට දායක වෙනවා.

05. ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ?  මිනිස්සුන්ට වඩාත් සමීප නිර්මාණ වගේම වෙනස්ම නිර්මාණ වලට දායක වෙන්න කැමතියි.

06. රංගනයට අරාධනා කලොත් ?  හොද නිර්මාණයක් නම් අනිවාර්යෙන්ම දායක වෙනවා.

07. දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ?  මියුසික් වීඩීයෝ කෙටි චිත්‍රපට වගේ දායක වෙලා තියෙනවා.

08. ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. රැදෙන්න පුළුවන් හොද වෙනස් නිර්මාණ වලට යොමු වෙන්න.

09 ඔබගෙ අනාගත ඉලක්කයන්. නිරූපණයෙහි දිගු ගමනක් යන්න වගේම ලංකාවට කීර්තියක් ගේන්න බලාපොරොත්තු වෙනවා.

10. ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත් ..  “Tharu Disanayake” යන ෆෙස්බුක් ගිණුමෙන් මාව සම්බන්ද කර ගන්න පුලුවන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *